පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කල පක්ෂ නායකයන් සහ නියෝජිතයන් ඇතුලත් වන පරිදි කොරෝනා මර්දන ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට සහය පතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද හමුවක් පවත්වා තිඛෙනවා. ඒ , අරලියගහ මන්දිරයේදීයි.

එම හමුවේදී පක්ෂ නායකයන්ගෙන් ඉදිරිපත් වූ අදහස් සලකා බලා අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට තීරණ රැසක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී වෛරස තත්ත්වය හේතවෙන් ආර්ථිකයට සිදුවන හානිය සම්බන්ධයෙනුත් මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.

එමෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ ඛෙදාහැරීම සමබන්ධයෙන් දැනට රජය ක්‍රියාත්මක කරන ක්‍රමවේදය ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙසත් ,තේ කර්මාන්තයට අදාලව තේ දළු නෙලීම කර්මාන්ත ශාලා පවත්වාගෙන යාම මෙන්ම තොග වෙළඳසැල් විවෘත කිරීම මගින් ද ජනතාවට සහන ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්ව තිඛෙනවා.

මෙම සාකච්ඡාවක් සදහා සියලුම පක්ෂවල නායකයන් පැමිණ සිටීම විශේෂත්වයක්.

More Stories