කොවිඞ් 19 පොකුරු වශයෙන් ක්‍රියාත්මක විම දැන් අවම මට්ටමක තිබෙන බවත් මේ වන විට තවම ක්‍රියාත්මකව පවතින්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ පොකුර බව වෛද්‍ය සුගත් සමරවීර මහතා කියයි.

මීට පෙර හඳුනාගත් පොකුරු රැසක්ම මේ වන විට අක්‍රිය වි ඇතැයිද ඉන් රෝග ව්‍යාප්තිය පාලනය වි ඇතැයිද ඔහු සඳහන් කරයි.
මීට පෙර වාර්තා වු කොවිඞ් 19 වෛරසය ආසාදිත රෝගීන් ඔවුන්ට රෝගය වැලඳුන ආකාරය රෝගය මුල් අවස්ථාවේදිම නිශ්චිතව හඳුනාගෙන තිබුණත් ඊයේ (05) දින කොළඹ ඇතුලු ප්‍රදේශ කිහිපයකින් වාර්තා වු රෝගීන් කිහිප දෙනාට මෙම වෛරසය ආසාදනය වු ප්‍රභවය පිලිබඳව තවම නිශ්චිත තොරතුරක් නොමැති බවත් එය තවමත් සොයමින් සිටින බවත් ඔහු කියා සිටියි.

කොවිඞ් 19 රෝගය පාලනය කල හැකි බව අප කී ලෙසින්ම පාලනය කර ඇති නමුත් අනාගතයේදි මේ රෝගය බෝ විය හැකි ආකාරය පිලිබඳ අවබෝධයක් ලබා ගැනිමට ඊයේ හඳුනාගත් රෝගින් නිදසුනක් කර ගත හැකි බවද ඔහු කියයි.

මේ ගෝලීය වසංගතය නිමා වි ඇතැයි සිතා පරණ පුරුදු ජිවිතයට යාමට තවමත් ඉඩක් නොමැති අතර අප තවමත් කොවිඞ් 19 තර්ජනයෙන් මිදි නොමැති බව මතක තබා ගත යුතු යැයිද වෛද්‍ය සුගත් සමරවීර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා මෙසේද කීහ.

More Stories