corona1

අලුත් අවුරුද්දට ප්‍රථම 2% ක්ව පැවති කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය අලුත් අවුරුදු උදාවෙන් පසු 8% බවට පත්ව තිබෙන බව වාර්තා වී ඇත.

පුද්ගලයින් 225 දෙනෙක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව 18 දෙනෙක් අහඹු සාම්පල් ලෙස වාර්තා වුණා. ඒ කියන්නේ සියයට 8ක ප්‍රමාණයට මෙය ඉහළ නැඟ තියෙනවා. තවමත් තත්ත්වය ඉතාමත් බරපතළ නොවුවත් සියයට 2ක තිබුණ දේ සියයට 8 දක්වා හතර ගුණයකින් වැඩිවෙලා තියෙනවා. මෙය පරීක්ෂාකාරී විය යුතු තත්ත්වයක්.

මෙරට තුළ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 625ක් දක්වා ඉහළ ගොස් ඇත.

More Stories