කොළඹ ගම්පහ දිස්ත්‍රීක්ක හැරුනුකොට අනෙකුත් සියලුම දිස්ත්‍රීක්ක අතර බස් රථ ධාවනයට අඟහරුවාදා (26) දින සිට අවස්ථාව හිමිවන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය.
‘අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක්ක හැරුනුකොට ලංකාවේ අනෙකුත් සියලුම ප්‍රදේශවල බස් ධාවනය අවසර ලැබෙනවා. ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථවලට මෙන්ම පෞද්ගලික බස් රථවලටත් අවශ්‍ය සියලුම උපදෙස් ලබා දී තිබෙනවා. සෞඛ්‍ය අංශ ලබා දෙන විදි විධාන අනුව බස් රථ ධාවනය කරන්න අවසර ලැබෙනවා. ආසන ගණනට වඩා මගීන් ප්‍රවාහනය කරන්න අවසර දෙන්න බැහැ. අනාගතයේදීත් අපි බලාපොරොත්තු වෙන්නේ මෙම ක්‍රමයමයි.