Similar Posts
කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙල පිතිකරු කුසල් මෙන්ඩිස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේදී ඔහු විසින් පදවන ලද වාහනයක හැපී පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත. මිය ගොස් අති පුද්ගලයා වයස අවුරුදු 64ක අයෙකි. අනතුර සිදු වීමෙන් පසු කුසල් මෙන්ඩිස් පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.
අද සිට වැසි හා සුළං වැඩිවෙයි – ගංවතුර අනතුරු ඇඟවීමක්
දිවයිනේ සහ අවට මුහුදු ප්‍රදේශවල පවතින පූර්ව මෝසම් තත්ත්වය හේතුවෙන් අද සිට (18) ඉදිරි දින කිහිපය තුළ වැසි සහ සුළං තත්ත්වය වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල කිහිපයක දහවල් 12.00…
කාලගුණයෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක්
ඉදිරි පැය 48 තුලදී පවතින වැසි තත්ත්වය වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය මේ වනවිට අඩු පීඩන කලාපයක් දක්වා තවදුරටත් වර්ධනය වී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එබැවින්, රාත්‍රී කාලයේදී දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. උතුරු, උතුරුමැද,…
පරාක්‍රම සමුද්‍ර ව්‍යාපෘතිය මහා සංඝ රත්නය භේද බින්න කිරීමේ නිර්ලජ්ජීත කටයුත්තක්
පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඇවිදින මං තීරු ඉදි කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් කිසියම් පිරිසක් මහා සංඝ රත්නය භේද බින්න කිරීමේ නිර්ලජ්ජී කටයුත්තක නියැලී සිටින බවත් කුමන ආකාරයකින් හෝ එවැනි භේද බින්නතා ඇති කිරීමට ඉඩ නොතබන බවත් පරාක්‍රම සමුද්‍ර බැම්මේ ඇවිදින මං තීරු ජනාධිපතිවරයා පැමිණ කරන්නට අවසර ඉල්ලුවත් කිසිම කෙනෙකුට වැවට හෝ වැව් බැම්මට ඒ වෙනුවෙන් අත…
කොරෝනාවෙන් බලපෑම් එල්ලවූ රටවලට ඩොලර් බිලියන 650ක්
කොරෝනා වෛරසයෙන් බලපෑම් එල්ල වී ඇති රටවල ආර්ථිකය නගාසිටුවීමට අමෙරිකානු ඩොලර් බිලියන 650 ක් වෙන් කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල පියවර ගෙන ඇත. මෙමගින් ගෝලීය ආර්ථිකයට අතිරේක ද්‍රවශීලතාවක් ලබා දීම අරමුණයි. ලොව රටවල්, සිය කෙරෝනා මර්දන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමටත්, එන්නත්කරණ වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් ලෙස දියත් කිරීමටත්, මෙම අරමුදල් යොදා ගනු ඇතැයි සිය සංවිධානය අපේක්ෂා කරන බව…
මැණික් පොකුරට චීනයෙන් ඩොලර් මිලියන 500 ක ඉල්ලුමක්
රත්නපුරෙන් සොයා ගත් විශාල තම මැණික් පොකුර සඳහා චීනයෙන් ඩොලර් මිලියන 500 ක ඇණවුමක් ලැබුණු බව බන්ධනාගාර, කළමනාකරණ පුණුරුත්ථාපන සහ මැණික් සම්බන්ධ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත මහතා පැවසීය. මෙය රුපියල් කෝටි දසදහසකට ආසන්න මුදලක් බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා මැණික් පොකුර පිළිබඳව හරිහැටි තක්සේරු නොකර එහි වටිනාකම නිල වශයෙන් හෙළි නොකළ නමුත් මෙවැනි ඇණවුම් අනුව මෙම…