වීදි ගණිකා වෘත්තියේ යෙදී සිටි පිරිස මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සමාජ මාධ්‍ය භාවිත කරමින් සිය වෘත්තිය සිදුකිරීමට පෙලඹී ඇති බව  කොළඹදී පැවැති වැඩමුළුවකදී අභිමානී කාන්තා එකමුතුව පවසා සිටියි.

පසුගිය කොවිඩ් කාලසීමාවේ පනවා තිබූ සංචරණ සීමා නිසා වෘත්තියේ නියැළීමට ඇති වූ අපහසුතා හේතුවෙන් මෙසේ වීදි ගණිකා වෘත්තියේ යෙදී සිටි පිරිස මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සමාජ මාධ්‍ය හරහා තම වෘත්තිය සිදුකරන බවයි ඔවුන් සඳහන් කර සිටියි.

කෙසේ වෙතත් අදාළ කාන්තාවන්ට තම සේවාදායකයන් ඊසි කෑෂ් ක්‍රමවේදය යොදා ගනිමින් ගෙවීම් කටයුතු සිදු කරන බවද වාර්තා වී තිබේ.

එම සංවිධානය සඳහන් කරන්නේ මේ වන විට පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙම වෘත්තියේ නියැළෙන පිරිසේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.

More Stories