මාතර,දියලපේ තැන්නපිටිහේන ප්‍රදේශයේ නාය යෑමක් සිදුව තිබෙනවා. මෙම නාය යෑම හේතුවෙන් පවුල් 30කට වැඩි පිරිසක් ඉවත් කර ඇති බවයි සඳහන් වෙයි.

නාය යෑම සිදු වූ ස්ථානයට ජනතාවට නොයන ලෙසයි, ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දී ඇත්තේ.

පීඩාවට පත් අනෙකුත් ජනතාවට ද අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සහ පොලීසියේ මැදිහත් වීමෙන් ආහාර ලබා දීමට කටයුතු කර තිබුණි .

මේ අවස්ථාවට අකුරැස්ස සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.ජී.වයි.අරවින්ද , ආපදා කළමනාකරණ නිලධාරී සම්පත් ගමගේ මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

පොලිසිය පවසන්නේ, නාය යෑමෙන් ජිවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

 

More Stories