ගම්පහ දිස්ත්‍රික්කයේ හෙට (26) දින සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා විවෘතව තබන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක අතර එම දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට (26) දින පෙරවරු 8.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය හිමිවේ.

ඒ අනුව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අළෙවිසැල් සහ ඖෂධ වෙළෙඳසැල් විවෘතකර තැබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙයි.

More Stories