dailyreporter

රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා ඉදිරි ජනපතිවරණයේදී මෙතෙක් මහින්ද රාජපක්ෂ හිතවාදී පො‍හොට්ටු බලකණු කිහිපයක්ම එක්වන්නට නියමිතය. මේ අය පසුගියදා ඒ ගැන රැස්වී කථා කළහ.
ගම්පහ දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ මෙහෙයුම සූදානම් කිරීම සඳහා ඇමැති ප්‍රසන්න රණතුංග උඩුගම්පොළ කාර්යාලයට දිස්ත්‍රික්කයේ හිටපු පළාත් පාලන මන්ත්‍රිවරු, අපේක්ෂකයන් කැඳවා තිබුණි.

රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, සහන් ප්‍රදීප්, කෝකිලා හර්ෂණී, මිලාන් ජයතිලක, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මන්ත්‍රිවරු ඊට එක්ව සිටියහ.

‘‘මැයි නව වැනිදා සිදුවීමෙන් පසු අපේ පාක්ෂිකයන් ආරක්ෂා කරගෙන මෙහෙම ඉන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කළේ ජනාධිපතිතුමා. ඒ නිසා මම එතුමාට සහාය පළ කරනවා. රටක නායකත්වයට පත්විය යුත්තේ පරිණත වැඩක් කළ හැකි පුද්ගලයකු මිස කයිවාරුකාරයෙක් නොවෙයි’’ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා මෙහිදී කීවේය. සියලු දෙනා එය අනුමත කළහ.

නව සන්ධානයේ දේශපාලන මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවක් කොළඹ දී පැවැත් වුණේ වැල්ලවාය නගරයේ පැවැත්වෙන ජන රැලිය කේන්ද්‍ර කරගනිමිනි. එම රැළිය සංවිධානය කරන්නේ රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර බවද දැනගන්නට ලැබේ.

Similar Posts