ගම්පහ දිස්ත්‍රික්කය තුළ පී.සී.ආර්.පරීක්ෂණ තුළින් කොරෝනා ආසාදිත බව තහවුරු වූ 400 ක් පමණ පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට නොහැකිව ඔවුන්ගේ නිවාස සහ නේවාසිකාගාර වලම දින කීපයක සිට රැදී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසයි.
එහිදී මෙම ආසාදිතයන් ප්‍රවාහනය කිරීමට ගිලන් රථ, වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් නොමැති වීම මේ සදහා හේතු වී ඇති බව ද වෛද්‍ය ආරියරත්න මහතා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටි සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස තුළ සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණ 6,866 ක ප්‍රතිඵල වාර්තා මේ වනතුරු ලැබී නොමැති බව ද වෛද්‍ය නලීන් ආරියරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර ගත වූ පැය 24දී වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 1851 කි.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,19,380 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වහාම ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක කිහිපයක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඊට අමතරව මෙතෙක් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කිරීමටද තීරණය කර ඇත.
පවතින කොවිඩ් තත්ත්වය පිළිබඳව සලකා එම තීරණ ගෙන ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
එම ප්‍රදේශ පහතින්,
මේ මොහොතේ සිට හුදකලා කර ඇති ප්‍රදේශ
ගම්පහ දිස්ත්‍රික්කයේ
කඩවත පොලිස් බලප්‍රදේශයේ
ඇල්දෙනිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
සූරියපාලුව දකුණ ග්‍රාම නිලධාරි වසම
සූරියපාලුව උතුර ග්‍රාම නිලධාරි වසම
පහල කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම
ඉහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම
කොළඹ දිස්ත්‍රික්කයේ
පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ
හල්පිට ග්‍රාම නිලධාරි වසම (570)
කැස්බෑව නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
මාකන්දර බටහිර ග්‍රාම නිලධාරි වසම
නිවුන්ගම ග්‍රාම නිලධාරි වසම
පොල්හේන ග්‍රාම නිලධාරි වසම
කළුතර දිස්ත්‍රික්කයේ
අගලවත්ත පොලිස් බලප්‍රදේශයේ
පිඹුර ග්‍රාම නිලධාරි වසම
මතුගම පොලිස් බලප්‍රදේශයේ
යටියන බටහිර ග්‍රාම නිලධාරි වසම
මේ වනවිට හුදකලා බව ඉවත් කර ඇති ප්‍රදේශ පහතින්,
කළුතර දිස්ත්‍රික්කයේ
බදුරලිය පොලිස් බලප්‍රදේශයේ
ඉඟුරුදළුව ග්‍රාම නිලධාරි වසම
මීගහතැන්න පොලිස් බලප්‍රදේශයේ
පැලවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
මිරිස්වත්ත ග්‍රාම නිලධාරි වසම
පහල හේවෙස්ස ග්‍රාම නිලධාරි වසම