rilawun

අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයක පවතින රිලා කරදර හේතුවෙන් එම ගම්මානවල ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත.
අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ හත්ලහා, පේරගොල්ල, හොරකඩ, හැබ්බැකන්ද, පේරගහාමුල, මොරහේනගම, කැළනිගම, යන ගම්මානයන්වල සැරි සරන රිලා රංචු හේතුවෙන් එම ගම්මානවල ගම්වාසින් මෙසේ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ගම්මානවල පිරිසක් පවසනුයේ තම ගම්මානවල සැරි සරන රිලා රංචු තමන් ඉතා දුකසේ වගා කරනු ලබන වගාවන් විනාශ කරන බවත් මෙම තත්වයන් මත තමන් දැඩි අසරණතාවයන්ට පත්ව ඇති බවත්ය.

එමෙන්ම මෙම රිලා රංචු තම නිවාසතුලට රිංගා තම නිවාසවල දොර ජනෙල් තිර රෙදි ඇතුළු විවිධ දේ විනාශ කරන බවත් කුස්සිවල උයා ඇති බත් හා වැංජනද විනාශ කරන බවත්ය මෙම තත්වයන් මත තමන්ට තම නිවාසවල දොර ජනෙල් වසා ගෙන සිටිමට සිදුව ඇති බවද එම පිරිස් පවසති.
මෙම තත්වයන් මත තම ප්‍රදේශයන් තුල සැරි සරන මෙම රිලා රංචු හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් මේ පිලිබදව අදාල බලධාරින්ගේ අවදානය යොමු කර මෙම රිලා රංචු අල්ලා වෙනත් රක්ෂිතයකට රැගෙන යාමට පියවර ගන්නේ නම් එය තමන්ට කරනු ලබන විශාල සහනයක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories