gal-rola

මස්කෙළිය නල්ලතන්නිය මරේ මාර්ගය නවිකරන කිරිම සදහා ගෙන එන ලද මාර්ග තලන යන්ත්‍රයක් (ගල් රෝලක්) හා තවත් යන්ත්‍රයක් වසර කිපයක් තිස්සේ දිරාපත් වීමට ඉඩ හැරිම විශාල අපරාධයක් බව එම ප්‍රදේශයේ පිරිසක් පවසති.

මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ රුපියල් කෝටි ගනන් වටිනා මෙම යන්ත්‍ර මෙම මාර්ගය නවිකරනය කිරිම සදහා ගෙනවිත් එම යන්ත්‍ර 2021 වසරේ සිට මෙසේ මාර්ගය අයිනේ දිරාපත් විමට ඉඩ හැර ඇති බවත්ය.

මෙම යන්ත්‍ර මෙසේ නිකරුනේ විනාශවිමට ඉඩ හැරිම ජාතික අපරාධයක් බවත් මේ පිලිබදව අදාල බලධාරින්ගේ දැඩි අවදානය යොමු විය යුතු බවත් එම පිරිස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories