දැනට වගකීම් පවරා නොමැති මන්ත්රීවරුන්ට අධීක්ෂණ ඇමැති ධුර පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැති අණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී දැනුම් දී තිබේ.
ග‍්‍රාමීය සංවර්ධනය සඳහා සෑම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුටම රුපියල් මිලියන 20 බැගින් ලබාදෙන බවත් එම මුදල් යොදවා ආරම්භ කරන සංවර්ධන ව්‍යාපෘති සියල්ල ජනවාරි මස 31 වැනිදාට පළමුව අවසන් කළ යුතු බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසූ බවද එම ප‍්‍රකාශකයා කීය.
එමෙන්ම දැනට වගකීම් පවරා නොමැති මන්ත්රීවරුන්ට අධීක්‍ෂණ මන්ත‍්‍රී ධුර පිරිනමන බවද ජනාධිපතිවරයා මන්ත‍්‍රී කණ්ඩායමට කියා ඇති අතර, ආණ්ඩු පක්‍ෂයේ සියලු මැති ඇමැතිවරුන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් අනුව කටයුතු කළ යුතු බව ද දැනුම් දී තිබේ.
එමෙන්ම ආණ්ඩු පක්‍ෂයේ සෑම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකුටම රැකියා අවස්ථාවන් 700ක් ලබා දෙන බවත් පළාත් සභා මන්ත‍්‍රීවරයකුට රැකියා අවස්ථාවන් 100ක් පමණ හිමිවනු ඇති බවත් එම අවස්ථාවන් සාධාරණව සියලු දෙනා අතර බෙදී යා යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පවසා ඇත.