lockdown areas in sri lanka today

ග‍්‍රෑන්ඞ්පාස් ‘‘ද වාස් පටුමග’’ වසා දැමීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා. ඔහුගේ පවුලේ සියලූදෙනා ද මේ වනවිට නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය මරදානේ පදිංචිව සිටි පුද්ගලයා ශ‍්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙන ගොස් ඇත්තේ ද ග‍්‍රෑන්ඞ්පාස් ‘‘ද වාස්’’ පටුමගේ පදිංචි ඔහුගේ පුත‍්‍රයාගේ නිවසේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු විසිනි.

ඔවුන් ඒ සඳහා ඇඳිරිනීති අවසරපතක් ලබා ගැනීමට ග‍්‍රෑන්ඞ්පාස් පොලීසිය වෙත ගොස් ඇති බවට ද අනාවරණ වී තිබෙනවා.

එම පොලිස් ස්ථානයේ සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ද නිරෝධායනය වන ලෙසයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබාදී ඇත්තේ.

Similar Posts