galle-beach

දකුණු ප්‍රදේශයේ මුහුද චණ්ඩවී මුහුදු රළ ගොඩබිමට ගලාඒම නිසා ගාල්ල සමුද්‍ර මාවත, ගාල්ල වරාය පොලිසිය, රේගුව, ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දෙවට, කොග්ගල සහ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අකුරල සිට ගොඩගම දක්වා වූ ප්‍රදේශය  මුහුදු ජලයෙන් යටවී බොහෝතැන්වලට හානි සිදු වී ගමනාගමනයට ද බාධා එල්ලවිය.

නිරිතදිග මෝසම් තත්ත්වය තව දුරටත් බලාපොරොත්තු වන අතර කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවල අද දිනයේද නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී. පුත්තලම කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5- 3.5 ඉහළ යාමේ හැකියාවක් පවතින බැවින් පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව පවතී.

මුහුදු ජලය සමඟ මුහුදු වැලි හා නොයෙකුත් අපද්‍රව්‍ය මාර්ගවලට ගලා ඒම නිසා මෙසේ ගමනාගමන කටයුතුවලට ද බාධා ඇති විය. ගාල්ල වරාය පොලිසියේ පඩිපෙළ අසළටම මුහුදු ජලය ගලා පැමිණි බව පොලිසිය කියයි.

More Stories