karapitiya-hosptial

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 100 දෙනෙකුගේ පමණ හිගයක් පවතින බවත් මෙම තත්වය නිසා රෝගි සත්කාරක සේවා පවත්වාගෙන යාමේ දි ගැටළු රැසක් ඇති වි තිබෙන බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් රෝහල තුල අලුතෙන් ඉදිකරණු ලැබු ශල්‍යාගාරයක් හා දැඩි සත්කාරක ඒකකය භාවිතයට ගැනිමට නොහැකි තත්වයක් උදාවි ඇත. කරාපිටිය ශික්ෂණ රෝහල සදහා වෛද්‍යවරු 556 දෙනෙකු අවශ්‍ය වුවත් දැනට සිටින්නේ වෛද්‍යවරු 460 දෙනෙකු බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

වෛද්‍යවරුන්ගේ හිගය හේතුවෙන් ඇතැම් සායනික අංශ පවත්වාගෙන යාමේ දි ගැටළු ඇතිවි තිබෙන අතර මෙම තත්වය නිසා රෝගින් ද දැඩි දුෂ්කරතාවයන්ට හා අපහසුතාවයන්ට මුහුණ දෙති.

More Stories