රාජ්‍ය සේවයේ නියුතු ගර්භණී කාන්තාවන් අද (02) සිට අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි පැවසීය.
ලේකම්වරයා පෙන්වා දෙන්නේ ගර්භණී කාන්තාවන්ටද කොවිඩ් එන්නත ලබා ගැනීම සුදුසු යැයි සෞඛ්‍ය අංශ නිර්දේශ කර ඇති මොහොතක, එම නිලධාරිනියන් පමණක් සේවයට නොකැඳැවීමට වෙනත් හේතුවක් නොමැති බවය.
කෙසේ වෙතත් ආයතන සංග්‍රහයේ ඇති වරප්‍රසාද නිවාඩු එම නිලධාරිනියන්ට ලබා ගත හැකි බවත් ඊට අමතර නිවාඩු ලබා ගැනීමට අවශ්‍ය නම් ආයතන ප්‍රධානියාට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට හැකි බවද ලේකම්වරයා සඳහන් කළේය.
එමෙන්ම පළාත් අතර සංචරණ සිමා පැවතියද, සෑම නිලධාරියකුම අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු අතර ඒ සඳහා නැවත ආයතන මගින් ප්‍රවාහන පහසුකම් ලබා නොදෙන බවද හෙතෙම කිවේය.