unusum puwath sinhala

හැටන් හා දික්ඔය නගරවල සමහර පුද්ගලයන් ගෑස් සිලින්ඩර් වැඩි මිලට විකිනීමත් සමග එම ප්‍රදේශවල ගෑස් පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත‍.

‍මේ පිලිබදව අදහස් දක්ව එම පිරිස් පවසනුයේ මෙම දිනවල සමහර පුද්ගලයන් ගැස් සිලින්ඩරය රුපියල් 3250/=ත් 3750/=ත් අතර මිලකට විකිණීම සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙම පුද්ගලයන් සමහර ගැස් අලෙවි නියෝජිතයන්ගෙන් ගැස් ලබා ගෙන මෙසේ වැඩි මිලකට විකිනිම සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන්ට වැඩි මුදලක් ලබාදි ගැස් ලබා ගැනිමට සිදුව ඇති බවද එම පිරිස් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts