milk

ජනාධිපතිවරයා සිය ඇමෙරිකානු නිල සංචාරයෙන් පසු පවත්වන පළමු කැබිනට් රැස්වීම අද (04දා) සවස පැවැත්වීමට නියමිතය. මෙහිදී කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති මිල වැඩිකිරීම සහ සහල් මිල පාලනය සම්බන්ධව තීරණ ගැනීමටද නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

තවද දැනට පවතින අමාත්‍යාංශයන්හි විෂය පථයට නොගැනෙන රාජ්‍ය ආයතන විසින්‌ පාර්ලිමේන්තුවට පිළිගන්වනු ලබන විෂයයන් සම්බන්ධයෙන්‌ සලකා බැලීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඔක්තෝබර් 5 වැනිදා රැස් වීමට නියමිත අතර මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඔක්තෝබර් 7 සහ 8 යන දින දෙකේදීම රැස්වීම්ට නියමිතව ඇත.

මීට අමතරව ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව ඔක්තෝබර් 5 වැනි දින රැස්වීම්ට නියමිතව තිබේ. නියමිත සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුකූලව අවශ්‍ය නිලධාරීන් මාර්ග ගත ක්‍රමය ඔස්සේ සම්බන්ධ කොට ගෙන එළඹෙන සතියේ පාර්ලිමේන්තු කාරකසභා රැස්වීම් පැවැත්වීමට සැලසුම් කොට තිබේ.

Similar Posts