හැටන් ෂැනන් වතුයායේ හට ගත් ගින්නක් හේතුවෙන් විනාශයට පත්වූ නිවාස හිමියන්ගේ වත්මන් තත්වයන් සොයා බැලීම සඳහා අන්නා චන්ද්‍රසේකරන් සංගමයේ මහ ලේකම් අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය 04වන දින සවස් එම වතුයායට පැමිණෙන ලදී.
මෙහිදී අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය ඇතුළු පිරිස ගින්නෙන් හානිවූ නිවාසවල තත්වයන් නිරීක්ෂණය කර, එම ගින්න හේතුවෙන් අවතැන්වූ පිරිස්වල තත්වයන්ද සොයා ඔවුන්ට අවශ්‍ය සහනාධාර ලබා දීමක්ද සිදු කරන ලදී.
එමෙන්ම, මෙම පිරිසගේ විවිධ අවශ්‍යතාවයන් තව දුරටත් සොයා ලබා එයට අවශ්‍ය කටයුතු ඉටු කිරීම සඳහා අන්නා චන්ද්‍රසේකරන් සංගමයේ නියෝජිතයන් පිරිසක් පත් කිරීමටද පියවර ගන්නා ලදී.
