law

වැඩ තහනමට ලක්කර සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට පොලිසියේ පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා විසින් මෙම එම විමර්ශනයේ උදෘත පිටපත් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකු ඇතුළු පංච පුද්ගල විශේෂ කමිටුවක් පත් කර තිබේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණ විනිසුරුවරු සහ මහේස්ත්‍රාත්වරු සමග අධිකරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ සිද්ධියේදී චෝදනාවට ලක්ව සිටින මහධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබා දී තිබුණි.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී 299/2020 දරන නඩුවේ දෙවන සැකකරු වශයෙන් ගිහාන් අරුණ බණ්ඩාර පිලපිටය මහතා නම් කිරීමටත් එම මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගැනීමටත් අදාළව මෙලෙස උපදෙස් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරයා දණ්ඩ නීති සංග්‍රහයේ 102,113(අ) සහ 190 වගන්ති යටතේ වැරදි සිදුකර ඇති බව තමාගේ මතය වන බව නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මාලාවේ සඳහන්ය.

More Stories