හපුතලේ ප්‍රදේශයේදී ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් අද (03) උදෑසන 9.15 ට පමණ කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් යානයේ ගමන් කළ ගුවන් නියමුවන් දෙදෙනා සහ සෙසු නිලධාරීන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

අනතුරට ලක්වු යානය වීරවිල සිට පියාසර කළ ගුවන් හමුදාවට අයත් Y12 යානාවක් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තහරවුරු කර තිබේ.

යානය තුළ ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ ගුවන් හමුදාවේ නිරික්ෂකයින් දෙදෙනෙකු ද සිට ඇත.

ගුවන් අනතුරින් squadron leader ඩබ්.ඒ.එම්.බී.එන්.බී වීබැද්ද, flight lieutenant නිලධාරී කේ.එම්.ඩී.එල්.කුලතුංග සහ සහය නිලධාරීන් වන සැරයන් ඩී.ඩබ්.ආර්.ඩබ්.කුමාර හා එල්.ඒ.සී.හෙට්ටිආරච්චි යන අය ජීවිතක්ෂයට පත්ව ඇත.

කෙසේ වෙතත් මේ වන විට ගුවන් යානය කඩා වැටීමෙන් අනතුරට පත්වු කාන්තාවක් ද හපුතලේ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

 

සබැදි පුවත්

– හපුතලේ, තම්බපිල්ලෙයි ප්‍රදේශයට හෙළිකොප්ටර් යානයක් කඩා වැටෙයි

 

Similar Posts