මේ වන විට ලංකාව තුල ගෘහස්ථ කම්කරුවන් අසුපන්දාහාක් පමණ සේවය කලත් මේ අය පිළිබදව නිසි ඇගයිමක් හෝ මොවුන් පිලිබදව නිසි නිති පද්තිධයක් ක්‍රියාත්මක නොවන බව ප්‍රොටෙක් සංගමයේ සභාපති එම්. මෛයිත්‍රිලි මහත්මිය පවසයි.
ජත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය නිමිති කර ගෙන ප්‍රොටෙක් සංගමයේ හැටන් කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු එම්. මෛයිත්‍රිලි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
ගෘහ සේවයත් රැකියාවක් එමෙන්ම මේ ගෘහ සේවකයන්ද කම්කරුවන් එම නිසා මෙම ගෘහ සේවයේ යෙදි සිටින අයටද යහපත් කම්කරු රැකියා කොදේසි ක්‍රියාත්මක කල යුතුයි.
අද වන විට මෙම ගෘහ සේවා රැකියාවල යෙදි සිටින කම්කරුවන් විවිධ ප්‍රශ්නවලට මුහු දෙනවා එමෙන්ම ගෘහ සේවයේ යෙදි සිටින සමහර පිරිස් විවිධ තාඩන ප්‍රිඩනවලට මෙන්ම විවිධ තර්ජනයන්ටද මුහුණ දෙනවා එවන් සමහර අවස්ථාවලදි එම ගෘහ සේවක පිරිස්වල ජිවිත හානිද සිදු වෙන්න පුළුවන් එම තත්වයන් මත මෙම ගෘහ සේවාවල රැදි සිටින පිරිස්වලට යම් ආරක්ෂාවක් තහවුරු විය යුතුයි.
අපි වීශේෂයෙන් මෙහිදි කිවයුතුයි වත්මන් කම්කරු ඇමති මනුෂ නානයක්කාර මහතා ජිනිවාවල 112වන සමුළුවෙදි පවසා තියෙනවා මේ රට තුල සී. 189 සම්මුතිය සම්මත කරන බව.
එමෙන්ම ඔහු පවසා තියෙනවා ගෘහ සේවකයන් සදහා කම්කරු නිති සකස් කරන බව ඇත්තටම මෙය අපිට සතුටු වෙන්න පුලුවන් ප්‍රකාශයක් එත් එය දේශපාලන වේදිකාවල කතාවක් නොවි සැබැවන ප්‍රකාශයක් විය යුතුයි.
මේ කම්කරු ඇමතිවරයා මේ රටේ ශ්‍රම බලකිය පිලිබදව යම් යම් දේවල් කරමින් ඉන්නේ එම නිසා අපි මේ කම්කරු ඇමතිවරයාගේ කතාව විශ්වාස කරමින් ඉන්නේ.
එත් මෙයත් කිවයුතුයි මෙම ප්‍රකාශයත් මැතිවරණ ඉලක්ක කරමින් කරන ප්‍රකාශ බවට අපිට හැගි ගියහොත් අපි මේ රටේ සමස්ථ ගෟහ සේවක පිරිස් ඒකරාශි කර ගෙන දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ගෙන යාමටත් පියවර ගන්නවා.
එම නිසා අපි නැවත කියන්නේ අපි එවැනි විරෝධතාවයන්ට ඇද නොදමා මේ ගෟහ සේවිකාවන්ට පවතින දැවෙන ප්‍රශ්න නිරාකරනය කිරිමට මැදිහත් වන ලෙසයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories