ගෘහස්ථ කම්කරු දිනය නිමිති කර ගෙන ප්‍රොටෙක්ට් වෘත්තිය සමිතිය විසින් සංවිධානය කරන ලද පාගමනක් 16වන දින හැටන් නගරයේදි පවත්වන ලදි.
වතු කරයෙන් කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල නිවාසවල ගෘහ සේවය සදහා යන කාන්තාවන් විවිධ හිංසනයන්ට ලක්වල බවත් මේ වන විටත් එසේ නිවාසවල ගෘහ සේවය සදහා ගිය දෙතුන් දෙනකුම මිට ගොස් ඇති බවත් එසේ මිය ගිය අයට සාධාරනයක් ඉටු විය යුතු බවත් පාගනට එක්වු පිරිස ඉල්ලා සිටිති.
එමෙන්ම ගෘහස්ථ කම්කරු අයිතින් නිතිගත කරනු, ලමා මෙහෙකාර සේවය නතර කරන, ගෘහ සේවයේ යෙදි සිටියදි මිය ගිය නිශාලනි හා ආර්. රාජකුමාරිට යුක්තිය ඉටු කරනු, ආර්. රාජකුමාරිගේ ඝාතනය හෙලි කරනු ඇතුළු විවිධ සටන් පාඨ රැගත් පිරිස් මෙම පාගමයේ ගමන් කරන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්