යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටලු විසඳීමට ප්රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, ඉදිරි වසර 10 තුළ විශාලතම කෘෂිකර්ම නවීකරණය ක්රියාත්මක කරන බවයි.
ත්රිකුණාමලය, ගලමැටියාව ප්රදේශයේ වී අස්වනු නෙලීමේ අවස්ථාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ය.
ඉන්දියාව සමඟ එක් ව ත්රිකුණාමලය දිස්ත්රික්කය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ක්රියාත්මක කරන බව ද ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කර තිබේ.