ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් ලබාදීම අද සිට ආරම්භ කිරීමට නියමිතයි. තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ග්‍රාම සේවක වසම් මට්ටමින් තැපැල් කාර්යාල වෙත කැදවා අදාළ පිරිස් වෙත විශ්‍රාම වැටුප් ගෙවීමට සැලසුම් කර ඇති බවයි.

බොහෝමයක් ලිපිනයන් සොයා ගැනීමේ අපහසුතාවය සැලකිල්ලට ගනිමින් ගොවි විශ්‍රාම වැටුප් තැපැල් කාර්යාල වෙත කැඳවා සිදුකිරීමට සැලසුම් කර ඇති අතර, ලිපිනයන් සොයා ගත හැකි අයගේ ගොවි විශ්‍රාම වැටුප නිවෙස් වෙත බෙදා හැරීමට පියවර ගන්නා බව තැපැල් දෙපාර්තමේන්තුව පැවැසුවා.

ධීවර විශ්‍රාම වැටුප් ද තැපැල් කාර්යාල හරහා අද සිට ලබාදීමටයි සැලසුම් කර තිබෙන්නේ.

More Stories