ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘගේ දුවල හිටපු ජනාධිපතිනියට අභියෝග කිරිමට දයාසිරි ජයසේකරට අයිතියක් නැති බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරයේ සංවිධායකල කඩුවෙල හිටපු නගරාධිපති ඩි.ඒච්.බුද්ධදාස මහතා පවසයි.

මීට වසර ඒක හමාරකට පෙර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවට ඒකතු කරන්න හදනකොට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සුරැකිමේ ව්‍යාපාරය ආරම්භ කළ බවත් ඒහිදි පක්ෂයේ ලෙක්ම්වරයාට හා සභාපතිවරයාට දන්වා සිටියේ පොහොට්ටුවට ඒක්වුවහොත් සිදු වන්නේ නිදහස් පක්ෂයේ අවසානය බවත්ය. මෙය මත ගැටුමක් පමණක්ව තිබු අතර මේ වනවිට ඒය සිද්ධ වෙමින් පවතින බවත් බුද්ධදාස මහතා පවසයි.

දැන් ශ්‍රි ලංකා පක්ෂයේ නායකයන් පොහෝට්ටුවට ගොස් ඇති බවත් ඒසේ ගොස් ඇත්තේ ලබන වර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදි පාර්ලිමේන්තුවට යාමට බවද ඔහු පවසයි. ඒසේ නොමැතිව පක්ෂයට ආදරයෙන්වත්ල රැකීමටවත් නොවන බවද ඔහු පෙන්වා දෙයි.

ඒමෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු 182 න් 110 ක්ම තමන් සමග සිටින බවද මෙතෙක් කලක් පක්ෂය රැක ගත්තේ පාක්ෂිකයෝ විසින් බවද ඔහු පවසයි.

පක්ෂ වලින් පැන පැන ගොස් දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඇවිත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්ව සිටින දයාසිරි ජයසේකර චන්ද්‍රිකා මැතිණියට අභියෝග කිරිමට හැකියාවක් නොමැති බවත් පක්ෂය වෙනුවෙන් දර දිය ඇද්දේ දයාසිරිලානොවන බවද ඔහු අවධාරණය කරයි.

බුද්ධදාස මහතා මේ බව අනාවරණය කර සිටියේ අද (18) රාජගිරියේ පැවති මාධ්‍ය හමුවකදීය.

ශානි පොල්ගම්පල

Similar Posts