අමෙරිකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සමාගම් 9කට සයිබර් ප්‍රහාර එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා එරට චාටර් සන්නිවේදන සමාගමට එල්ල වූ සයිබර් ප්‍රහාරය අඛණ්ඩව එවැනි ප්‍රහාරයක් එල්ල වූ 9 වැනි සන්නිවේදන සමාගම බව අමෙරිකානු රජය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
සයිබර් ප්‍රහාර සම්බන්ධව අමෙරිකානු රජය විසින් ආරක්ෂක උපදෙස් ලබා දී ඇති බවත්, සයිබර් ප්‍රහාර හඳුනා ගැනීමට සහ මැඬ පැවැත්වීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද අමෙරිකාවේ ජාතික ආරක්ෂක නියෝජ්‍ය උපදේශිකාව වැඩිදුරටත් සඳහන් කර ඇතැයි වාර්තා වේ.