නූතන ජන මාධ්‍යයනට පින් සිදු වන්නට විශ්ව ශක්තිය නම් වන සංකල්පය මේ වන විට හොඳ ජාවාරම්කරණ උල්පතක් බවට පත්ව තිබේ.අප ජීවත් වන විශ්වයේ නොයෙකුත් ශක්ති ප්‍රභවයන් තිබිය හැකි බව ඇත්තකි.ඒ සැම ශක්තියක්ම භෞතික නියාමයන් මත පදනම් වන ඒවා ය.නමුත් මේ වන විට සුවිසල් වෙළඳ පළක් නිර්මාණය වී ඇති විශ්ව ශක්තිය එවැන්නක් නොවේ.එය හුදෙක් විද්‍යාත්මකට අනාවරණය කර ගත නොහැකි පාර භෞතික ශක්ති ප්‍රභවයක් සේ සැලකේ.නමුත් බොහෝ දෙනකු සිතනුයේ මෙම විශ්ව ශක්තිය මෑතක දී සොයා ගනු ලැබූවක් බව ය.එහෙත්, එය ද අමුම අමු මිථ්‍යාවකි.මෙම ගුප්ත විශ්වාසයේ ඉතිහාසය කෙතරම් දුර දිගට විහිද යන්නේ ද කිවහොත් ලොව විධිමත් ආගම් බිහිවීමට පෙර පැවති ජීවාත්මවාදී( Ainmistic )යුගය තෙක් වන ඉතිහාසයක් ඊට තිබේ.පසුව මිනිසාගේ බුද්ධිය කෙමෙන් පරිනාමය වත්ම මෙම විශ්ව ශක්තිය යන අති පෞරණික ආකල්පය මිනිසා සතු චිත්ත ශක්තිය වශයෙන් ප්‍රවර්ධනය කරන ලදී.එහෙත් එය පුරාණ විශ්ව ශක්තිය මෙන් නවීන විද්‍යාව ඉදිරියේ “කොර “නොවන්නකි.එමෙන්ම ගත වූ අති මහත් කාල පරාසය තුළ මිනිසා ගේ චිත්ත ශක්තියේ ඇති බලපුළුවන්කාරකම් පිළිබඳව ඔබට අමුතුවෙන් කිව යුතු නැත. නමුත් එකී චිත්ත ශක්තිය ගොනු කොට තැනූ මංජුසාවක් පිළිබඳ ඔබට කීමට කතාවක් ඇත. ඒ මීට විසි තුන් වසරකට පමණ ඉහතදී රෝගීන් සුවකර, යක්ෂයන් පලවා හැරීම සඳහා ම`විසින් තනන ලද චිත්ත ශක්ති මංජුසාවක් පිළිබඳ කතාවකි.

ඒ 2000 වර්ෂයේ අගභාගයයි. ඒ වන විට විවිධ මූලධර්මවාදී ආගමික කණ්ඩායම් විසින් රෝගීන් සුවපත් කරන බව හා යක්ෂයන් පලවාහරින බව කියමින් ගමින් ගමට ගොස් “හාස්කම් මෙහෙයන්” පවත්වමින් සිටියහ. ඒවාට එක්වන බෞද්ධයන් නොවිධිමත් අන්‍යාගම්කරණයට නතු වීමේ නැඹුරුවක් ඇතැයි මා සමග පැවසුවේ එවක කඩවත,රාගම පාරේ පිහිටි ජයතිලකාරාම විහාරාධිපතිව වැඩ සිටි ඇල්දෙණියේ සෝමාලෝක හිමියන් ය.
දිනක් එම සකල විධ හාස්කම් මෙහෙයන් ඉතා සරල මනෝ විද්‍යාත්මක සිද්ධාන්ත මත පදනම් වූ තුට්ටු දෙකේ මානසික ගුණ්ඩු බවත් අවශ්‍ය නම් මට ද එවැනි හාස්කම් මෙහෙයක් පැවැත්විය හැකි බවත් මම උන්වහන්සේට නිකමට මෙන් කීවෙමි.

‘‘හාස්කම් බලයෙන් රෝග සුව කළ හැකිද?

චිත්ත ශක්ති මංජුසාව මගින් කරුණු පැහැදිලි කිරීමක් 2001 ජනවාරි 21 සෙනසුරාදා ප.ව. 5.00 මෙම විහාරස්ථානයේදී.සැමට ආරාධනා!’’

සෝමාලෝක හිමියන්ගේ කාරුණික අවසරය මත ඉහත සඳහන් වාක්‍ය කිහිපය සහිත බැනරය නියමිත දිනට සතියකට පෙර සිට කඩවත-රාගම මහා මාර්ගයට මුහුණ ලා එම විහාරස්ථානය ඉදිරිපිට ප්‍රදර්ශනය කරවීමට මා කටයුතු කළේ “එහෙනම් එහෙම දෙයක් වත් කරලා බලමු” යනුවෙන් ඒ හිමියන් කළ ඉල්ලීමකට අනුව ය .නියමිත දිනයේ අවට ප්‍රදේශවාසීන් හතළිහක් පමණ විහාරස්ථානයට එක්වනු ඇතැයි මා අපේක්ෂා කළ මුත් පස්වරු පහට ආසන්න වනවිට තුන් හාර සියයක පමණ ජනකායක් ඒකරාශී විය.බලි තොවිල්, ශාන්තිකර්ම, යාඥා, දේව කන්නලව් ආදියෙන් කායික මානසික රෝග සුවපත් වන්නේ මානසික ඇණවුම හෙවත් ව්‍යංගය (Suggestion) නම් මනෝමය සාධකය නිසා ය. එය බොහෝ විට කායික මානසික අසමතුළිතතා දුරු කෙරෙන ශමනකාරක( Healing ) ක්‍රියාවලියක්,රෝග ලක්ෂණ අවම වීමක් හෝ තාවකාලික සුවයක් මිස තිරසාර රෝග සුවයක් නොවන බව මම ඒ වන විට සරල පර්යේෂණ කිහිපයකින්ම සනාථ කරගෙන සිටියෙමි. මෙය බොහෝ විට නොවිධිමත්, අර්ධ හෝ පූර්ණ මෝහන චිකිත්සාවක් ද වන බැවින් මම ශ්‍රී ලාංකේය මෝහන ප්‍රසංග කලාවේ නිර්මාතෘ ආචාර්ය නෙවිල් ද සිල්වා මහතාට ද එම අවස්ථාවට ඇරයුම් කළෙමි. ඒ වනවිට ද ගුප්ත විශ්වාස සම්බන්ධයෙන් මා විසින් කරනු ලැබූ පර්යේෂණයන්ට ඔහුගෙන් ලැබුණු සහාය කොතරම් ද කිවහොත් විවිධ යාදිති, කන්නලව්, යන්ත්‍ර මන්ත්‍ර මගින් පුද්ගලයන් ආරූඪයට පත් කිරීමේ කලාව ද මා උගත්තේ ඔහුගෙනි.

චිත්ත ශක්ති මංජුසාව මූලික කර ගනිමින් රෝග සුව කිරී‍ම, යකුත් පලවා හැරීම, දේව වරම් ඇත්තවුන්ට ක්ෂණිකවම දේවාරූඪය ලබාදීම සඳහා පැවැත්වූ මෙම නවතම මාදිලියේ හාස්කම් මෙහෙය නිරීක්ෂණය කිරීමට මගේ හිතවතුන් කිහිපදෙනෙකුටද මා ඇරයුම් කළේ එම කාරියේ වගකීම් සහගත බව පිළිබඳ යම් ප්‍රමිතියක් තිබිය යුතු වූ බැවිනි. ඒ සඳහා මගේ ඇරයුම ලත් කීර්තිමත් සාහිත්‍යධරයෙකු සහ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම හේතුවාදී ලේඛකයෙකු වන අජිත් තිලකසේන මහතාත්, ළමා ශල්‍ය වේද විශේෂඥ වෛද්‍ය වයි.කුලසේකර මහතා සහ එම මහත්මියත් එහි පැමිණියහ.නො එසේ නම් මා බෞද්ධ විහාරයක් තුළ පැමිණ එම බෞද්ධයන් නොවිධිමත් අන්‍යාගම්කරණයට නතු කළ පාස්ටර් වරයකු ලෙස ද ඇතැමකුට හැඟී යා හැකිව තිබිණ.එමෙන්ම එය මගේ “කොඳු නාරටියේ” ආරක්ෂාවට තර්ජනයක් වීමට ද හැකි බවක් මට වැටහෙන්නට විය.

වේලාව පස්වරු පහට ආසන්නව තිබියදී එතෙක් විහාරස්ථානය තුළ තැන්පත් කොට තිබූ චිත්ත ශක්ති මංජුසාව මහත් හරසරින් යුතුව හිස මත රඳවාගත් මම, එය එළිමහන් වේදිකාව මතට වැඩමකොට එහි තනා තිබූ පීඨිකාව මත තැන්පත් කළෙමි. එවිට ආචාර්ය නෙවිල් ද සිල්වා මහතා ඊට දොහොත් මුදුන් දී වන්දනා කළ අතර, රැස්ව සිටි සියල්ලෝම මහ හඬින් සාධු නාද පවත්වා චිත්ත ශක්ති මංජුසාවට සිය ගෞරවාදරය පුද කළහ.

චිත්ත ශක්ති මංජුසාව මුල්කොට රැස්ව සිටි පිරිසගේ සිත් සමාධිගත කරවීම මෝහන ශාස්ත්‍රඥ ආචාර්ය නෙවිල් ද සිල්වා විසින් ඉටු කරන ලද අතර, ඔහුගේ එම විධානයන් ලැබී පළමු විනාඩි පහ ඉක්මෙත්ම රැස්ව සිටි පිරිසගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් දියෙන් ගොඩ දැමූ කාවයියන් මෙන් ගැහෙන්නට පටන් ගත්හ.එම දර්ශනය කෙතරම් උද්වේග කර වන්නක් ද යත් මගේ ආරාධනයෙන් එහි පැමිණි ජාතික රූපවාහිනියේ සම්මානලාභී වැඩසටහන් නිෂ්පාදක සුමින්ද තිලකසේන විසින් එම සියලු දර්ශන පටිගත කරනු ලදුව 2001ජනවාරි 29 දා ජාතික රූපවාහිනී ‘නුග සෙවණ’ වැඩසටහන මගින් ඒවා ප්‍රචාරය කළේ මා ද එම මැදිරියට කැඳවමිනි.

ඉන්පසුව මා විසින් එහි රැස්ව සිටි පිරිසට එය හඳුන්වා දුන්නේ මේ චිත්ත ශක්ති මංජුසාව විශ්වයේ ඇති සකල විධ ශක්තීන් ආකර්ශනය කරගත හැකි මහාර්ඝ වස්තුවක් ලෙස ය. සිත් තුළ පවතින අන් සියලු අරමුණුවලින් ඉවත්ව එම චිත්ත ශක්ති මංජුසාව කෙරෙහි පමණක් දැඩිව සිත යොමු කරගෙන මනැස සමාධිමත් කළ හැකි නම් ඒ අනුහසින් තමන් තුළ පවතින කායික, මානසික රෝග හා අසමතුලිතතා සියල්ල එක මොහොතින් දුරු කර ගැනීමටත්, දැනට තම තුළ ඇති යක්ෂ බලවේග ඉවත් කර ගැනීමටත් හැකි බව මම ඔවුන්ට කීවෙමි. එමෙන්ම යමකුගේ සිරුර තුළට පිවිසි යක්ෂයකු තමන්ට ශරීරයෙන් ඉවත්වීමට නොහැකි බව කියමින් ‘යකා නටන්නට’ පටන් ගතහොත් චිත්ත ශක්ති මංජුසාව ඒ තැනැත්තාගේ ශරීරයේ යන්තම් ස්පර්ශ කර නිමේෂයක් තුළ යක්ෂයා ශරීරයෙන් ඉවත්ව යළි නොඑන සේ පලා යනු ඇති බව ද මම කීවෙමි.
ඊට අමතරව විවිධ දෙවි දේවතාවන්ගේ ඇල්ම බැල්ම සහිත පුද්ගලයන් මෙම චිත්ත ශක්ති මංජුසාව මුල්කොට සිත සමාධිගත කළහොත් ඒ මොහොතේම එම දෙවියන් ඒ තැනැත්තාගේ ශරීරයට ආරූඪ වනු ද සෙසු පිරිසට දැක බලා ගැනීමට සේම දේඩාරූඪයෙන් ශාස්ත්‍ර ඇසීමටත් ඔවුනට හැකි බවක් ද මම කීවෙමි. කෙසේ හෝ එම චිත්ත ශක්ති මංජුසාව මුල්කොට රැස්ව සිටි පිරිසගේ සිත් සමාධිගත කරවීම මෝහන ශාස්ත්‍රඥ ආචාර්ය නෙවිල් ද සිල්වා විසින් ඉටු කරන ලද අතර, ඔහුගේ එම විධානයන් ලැබී පළමු විනාඩි පහ ඉක්මෙත්ම රැස්ව සිටි පිරිසගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් දියෙන් ගොඩ දැමූ කාවයියන් මෙන් ගැහෙන්නට පටන් ගත්හ.එම දර්ශනය කෙතරම් උද්වේග කර වන්නක් ද යත් මගේ ආරාධනයෙන් එහි පැමිණි ජාතික රූපවාහිනියේ සම්මානලාභී වැඩසටහන් නිෂ්පාදක සුමින්ද තිලකසේන විසින් එම සියලු දර්ශන පටිගත කරනු ලදුව 2001ජනවාරි 29 දා ජාතික රූපවාහිනී ‘නුග සෙවණ’ වැඩසටහන මගින් ඒවා ප්‍රචාරය කළේ මා ද එම මැදිරියට කැඳවමිනි.

මා කෙසේවත් නොසිතූ ලෙස ඊට එක්වූ කාන්තාවන් දෙදෙනෙකුට එක්වරම කාලි අම්මා ආරූඪ වීමය. පසුව ඒ දෙදෙනා එකම තැනකට ගෙන්වනු ලදුව ‘තෝ හොර කාලී මමයි හරි කාලී’ කියමින් ඔවුන් එකි`නෙකා කෙහෙවලු පටලවා ගැනීමට සැරසීම රැස්ව සිටි පිරිසට මහත් විනෝදයක් ගෙන දීමට සමත් විය. පසුව එම වැඩසටහන සංවිධානය කළවුන් එහි යක්වේෂ වූවන් බලහත්කාරයෙන් වේදිකාව අබියසට කැඳවාගෙන එනු ලදුව එම චිත්ත ශක්ති මංජුසාව ඔවුන්ගේ ශරීරවල ස්පර්ශ කළ සැනින් ඔවුහු මුළුමනින්ම නිහඬ, නිසසල බවට පත්වූහ. පසුව චිත්ත ශක්ති මංජුසාවේ අනුහසින් තම රෝග සුවපත් වූ බව දැනුණු පිරිස්වලට අත් ඔසවා ඒ බව දැනුම්දෙන ලෙස මා පවසත්ම රැස්ව සිටියවුන්ගේ අත් පනහක් හැටක් එක්වර එසවෙනු දක්නා ලදි.

ආචාර්ය නෙවිල් ද සිල්වා සමඟ විශ්ව ශක්ති මංජුසාවේ යථාර්ථය පැහැදිලි කරමින්

එහෙත්, එදා එම යකුන් දෙවියන් ආරූඪ කිරීමේ දී මා ලත් සුවිශේෂ අත්දැකීමක් ද විය.එනම් මා කෙසේවත් නොසිතූ ලෙස ඊට එක්වූ කාන්තාවන් දෙදෙනෙකුට එක්වරම කාලි අම්මා ආරූඪ වීමය. පසුව ඒ දෙදෙනාඑකම තැනකට ගෙන්වනු ලදුව ‘තෝ හොර කාලී මමයි හරි කාලී’ කියමින් ඔවුන් එකි`නෙකා කෙහෙවලු පටලවා ගැනීමට සැරසීම රැස්ව සිටි පිරිසට මහත් විනෝදයක් ගෙන දීමට සමත් විය. පසුව එම වැඩසටහන සංවිධානය කළවුන් එහි යක්වේෂ වූවන් බලහත්කාරයෙන් වේදිකාව අබියසට කැඳවාගෙන එනු ලදුව එම චිත්ත ශක්ති මංජුසාව ඔවුන්ගේ ශරීරවල ස්පර්ශ කළ සැනින් ඔවුහු මුළුමනින්ම නිහඬ, නිසසල බවට පත්වූහ. පසුව චිත්ත ශක්ති මංජුසාවේ අනුහසින් තම රෝග සුවපත් වූ බව දැනුණු පිරිස්වලට අත් ඔසවා ඒ බව දැනුම්දෙන ලෙස මා පවසත්ම රැස්ව සිටියවුන්ගේ අත් පනහක් හැටක් එක්වර එසවෙනු දක්නා ලදි. ඉන් එක් කාන්තාවක් කියා සිටියේ වසර ගණනාවක සිට ඉහළට එසවීමට නොහැකිව තිබූ තම දකුණු අත මෙම චිත්ත ශක්ති මංජුසාවේ අනුහසින් මුළුමනින්ම ඉහළට එසවීමේ ක්ෂණික හැකියාවක් තමන්ට ලැබුණු බව ය.මෙවැනි තත්වයන් කිරීමේ යාඥා මෙහෙයන් හි දී නිතර දක්නට ලැබේ. ඒ අනුව චිත්ත ශක්ති මංජුසා ශාන්ති කර්මය හාස්කම් මෙහෙයක් වශයෙන් අතිශය සාර්ථක වූ බවට සැකයක් නොවිණි.

අප විසින් එසේ කරන ලද්දේ කායික මානසික විෂමතා මුල්කොට මිනිසුන්ට වැළඳෙන දේහීකරණ ආබාධ (Somatoform disorder) සඳහා වන නොවිධිමත් මනෝ චිකිත්සාවක් බවත්, විධිමත් වෛද්‍ය ප්‍රතිකාර හැරුණුකොට මෝහනය මුල්කොට ගත් හාස්කම් ප්‍රතිකාර පැතීම අනතුරුදායක බවත් මම ඔවුන්ට පැවසුවෙමි.අනතුරුව චිත්ත ශක්ති මංජුසාව නමින් ඔවුන් ඉදිරියේ තබන ලද වස්තුව ද දිගහැර ඔවුන් හමුවේ ප්‍රදර්ශනය කරන ලද්දේ එය ද මගේ අනිවාර්ය යුතු කමක් ව තිබූ බැවිනි.
සැබැවින්ම එම චිත්ත ශක්ති මංජුසාව මගේම නිමැවුමක් වූ අතර, මා එය සකසා ගන්නා ලද්දේ ඉවත දමා තිබූ හිස් අයිස්ක්‍රීම් කප් එකක් මත මුඩ්ඩ ඉහළට සිටින සේ ඊට මඳවේලාවකට පෙර කඩවත රාගම හන්දියේ කඩයකින් මිලට ගත් පොල් ගෙඩියක් තබා එය නිල් සහ රතු රෙදිවලින් වසා ඒ වටා නූල් පොටවල් කිහිපයක් බැඳීමෙනි.

ආචාර්ය නෙවිල් ද සිල්වා සමඟ විශ්ව ශක්ති මංජුසාවේ යථාර්ථය පැහැදිලි කරමින්

එහෙත්, අවසානයේ අප විසින් එසේ කරන ලද්දේ කායික මානසික විෂමතා මුල්කොට මිනිසුන්ට වැළඳෙන දේහීකරණ ආබාධ (Somatoform disorder) සඳහා වන නොවිධිමත් මනෝ චිකිත්සාවක් බවත්, විධිමත් වෛද්‍ය ප්‍රතිකාර හැරුණුකොට මෝහනය මුල්කොට ගත් හාස්කම් ප්‍රතිකාර පැතීම අනතුරුදායක බවත් මම ඔවුන්ට පැවසුවෙමි.අනතුරුව චිත්ත ශක්ති මංජුසාව නමින් ඔවුන් ඉදිරියේ තබන ලද වස්තුව ද දිගහැර ඔවුන් හමුවේ ප්‍රදර්ශනය කරන ලද්දේ එය ද මගේ අනිවාර්ය යුතු කමක් ව තිබූ බැවිනි.
සැබැවින්ම එම චිත්ත ශක්ති මංජුසාව මගේම නිමැවුමක් වූ අතර, මා එය සකසා ගන්නා ලද්දේ ඉවත දමා තිබූ හිස් අයිස්ක්‍රීම් කප් එකක් මත මුඩ්ඩ ඉහළට සිටින සේ ඊට මඳවේලාවකට පෙර කඩවත රාගම හන්දියේ කඩයකින් මිලට ගත් පොල් ගෙඩියක් තබා එය නිල් සහ රතු රෙදිවලින් වසා ඒ වටා නූල් පොටවල් කිහිපයක් බැඳීමෙනි.ඒ හැරුණු කොට ඊට අන් කිසිදු ගුප්ත බලයක් ම` විසින් ආරෝපණය නොකරන ලදී.ඒ එසේ යමකුට හෝ යමකට ආරෝපණය කළ හැකි බලයක් මෙලොව නොමැති නිසා ය.

තිලක් සේනාසිංහ

vinivida.lk

Similar Posts