චීනය, ඉන්දියාව හා ජපානය යන රටවල් ත්‍රිකුණාමලයේ හා හම්බන්තොට අලුතින් ඉන්ධන පිරිපහදු දෙකක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි හැට එක සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස ඉන්දියාව නව තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර සිංහල අලුත් අවුරුද්දෙන් පසුව ඇරඹෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ඉන්දීය සංචාරයේදී ඒ සම්බන්ධව වැදගත් තීරණ ගැනීමට නියමිතය. ඉන්දියාව සමග තුන්වැනි පාර්ශ්වයක් ලෙස ත්‍රිකුණාමල තෙල් ටැංකි ව්‍යාපෘතියට ජපාන රජයද එක්වීමට තීරණය කර ඇත.

චීනයේ සිනෝපැක් ආයතනය හම්බන්තොට වරාය භූමියේ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට නියමිතය. එහිදී පිරිපහදුව කරන ඉන්ධන වැඩි ප්‍රමාණයක් හම්බන්තොට වරාය ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන නෞකාවලට සැපයීමට නියමිතය.

Similar Posts