ශ්‍රී ලංකාවේ සිටින විවිධ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන්ට සාමාන්‍ය පරිදි සලකන ලෙසත්, ඔවුන් කිසිවිටක කොන්නොකරන ලෙසත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.
චීනය සහ ශ්‍රී ලංකාව අතර අනාදිමත් කාලයක සිට සමීප සබඳතාවක් පවතින අතර කොරෝනා වයිරසය හේතුකරගෙන එම සබඳතා පළුදු කරගත යුතු නැතැයිද එහිදී ඇමැතිවරිය කීවාය.