කුප්‍රකට ලෝඩ්ස් ප්‍රතිරෝධක හමුදාවේ (LRA) තෝමස් ක්වොයෙලෝ නම් හිටපු අණදෙන නිලධාරියෙකුට සුවිශේෂී යුද අපරාධ නඩු විභාගයකින් අනතුරුව උගන්ඩා අධිකරණයක් විසින් වසර 40ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඔහුට එල්ලව ඇති චෝදනා අතර මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, පැහැරගැනීම් සහ කොල්ලකෑම් ඇතුළු චෝදනා 44ක් වන බව සඳහන්. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, ක්වොයෙලෝ යනු උගන්ඩා අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ ඉහත කැරලිකාර කණ්ඩායමේ පළමු අණදෙන නිලධාරියා වන බවයි.

කෙසේ නමුත් ඉහත වැරදි සම්බන්ධයෙන් උගන්ඩා මහාධිකරණයේ ජාත්‍යන්තර අපරාධ කොට්ඨාසය ක්වොයෙලෝට මරණ දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නොදීමට තීරණය කරන්නේ, ඔහුගේ වයස අවුරුදු 12දී LRA සටන්කාමීන් විසින් පැහැරගෙන ගොස් සොල්දාදුවෙකු බවට පත් කළ අයෙක් වන නිසා බව සඳහන්.

ඔහු සිය වැරදි සම්බන්ධයෙන් පසුතැවිලි වී ඇති අතර තවදුරටත් සමාජයට තර්ජනයක් නොවන බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කරැති බවත් සඳහන්.

More Stories