බුලත්සිංහල  – ගලහිටිය යා කරන  පැළැන්  ගඟ හරහා බොරලැස්ස , පෝරුතොට  පාලම ඡන්ද පොරොන්දු සමඟ කැලෑවට ගොස් ඇතැයි බුලත්සිංහල, බොරලැස්ස, ගලහිටිය ප්‍රදේශවාසීන් කියති.

හිටපු මහා මාර්ග ඇමති නිර්මල කොතලාවල මහතා  2014 වර්ෂයේ දී  රුපියල් මිලියන 04 ක් ඇස්තමෙින්තු කර වැඩ ආරමිභ කළ පෝරුතොට පාලමෙි ඉදදිකිරීම්  2015 යහපාලන රජය පත්වීමත් සමඟ නතරවුණා,  යැයි බොරලැස්ස ජනතාව චෝදනා  කරති.

ගලහිටියේ අනුර විජේසිංහ මහතා

පැළැන් ගග හරහා  ඉතා පටු කොන්ක්‍රීට් පාලම වෙනුවට  වැඩ ආරමිභ කළ නව පාලම සඳහා පැති බැමි දෙකේ අඩක් ඉදිකිරිමි කර තිබෙනවා. අවුුරුදු  පහක් තිස්සේ ඉදිකිරීම් නතරවෙලා ගිහාල්ලා.

බුලත්සිංහල නගරයට ,මෝල්කාවට, බොරලැස්ස, පොරුතොට ජනතාව ගමන් කරන්නෙ මෙි අනතුරුදායක පටු පාලම මතිනි.යතුරු පැදියක්, ත්‍රීරෝද රථයක් ඇරෙන්න වෙන මොනම වාහනයකටවත් මෙම කොන්ක්‍රීට් පාලම මතින් ගමන් කළ නොහැකිය. ප්‍රදේශයේ ජනතාවගේ තේ, රබර්  නගරයට රැගෙනයාම මෙි නිසා  ගැටළුවක් යැයි ගැමියන් කියති.

යහපාලන ආණ්ඩුව පලිගත්තෙ බුලත්සිංහල දුප්පත්  ගම් වැසියන්ගෙන්   පසුගිය මැතිවරණ වලදි ගමට ආව දේශපාලකයින් මෙිකට පොරන්දු දීල ගියා. නමුත් පාලම හැදුනේ නැතැයි ⁣ බොරලැස්සේ අමාරිස් පෙරෙිරා මහතා කීවෙිය.

මෙතන හරිම අනතුරු දායකයි. වංගුවත් එක්කමයි පාලම තියෙන්නෙ එළියක් ඇත්තෙත්නෑ.ආණ්ඩු වෙනස්වුණාම සංවර්ධනයත් වෙනස් වුණා, යැයි  ධමිත් තරංග මහතා පෝරුතොට පාලම අසලදී කීවෙිය.ඡන්දෙට පොරොන්දු දෘල ගියා ආයෙ පැත්ත පලාතෙ කවුරුවත් ආවෙනෑ. බුලත්සිංහලට  සංවිධායකවරුන් වැහි වැහැල හිටියත්  බුලත්සිංහල සංවර්ධනයට බාලගිරියැයි”, ගලහිටිය, පෝරුතොට ප්‍රදේශයේ ජනතාව කියති

සෝමරත්න පොද්දෙණිය  – මීගහතැන්න

More Stories