කොරෝනා වෛරසය හේතුවෙන් පනවා තිබු දින තුනක ඇදිරි නිතිය 28වන දින ඉවත් කිරිමත් හැටන් ආශ්‍රිත වතුකරයේ ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවට අනුකුලව බඩු භාන්ඩ ලබා ගැනිමට පැමිනියද ඔවුන්ට බඩු භාන්ඩ අලෙවි කිරිම සදහා පැමිනෙන සමහර ජංගම වෙලදුන් හේතුවෙන් කොරෝනා වෛරසය මෙම ප්‍රදේශයන් තුල පැතිරිමේ අවදානයක් හට ගෙන ඇත.

එසේ පැමිනෙන සමහර ජංගම වෙලදුන් සෞඛ්‍ය ආරක්ෂ ක්‍රමවලට පටහැනිව මුඛ ආවරණ නිසි පිලිපැදිමකින් තොරව වෙලදාම් කටයුතු සිදු කිරිමත් සමග මෙම අවදානම් තත්වයන්ට තමන් පත්ව ඇති බව ප්‍රදේශයේ බොහෝ පිරිස් පවසති.

මේ පිලිබදව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරින්ගේ මෙන්ම ආරක්ෂක අංශවලද දැඩි අවදානය යොමු කල යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂන ඒ.බාලක්‍රිෂ්නන් මහතා පවසන ලද්දේ මෙම ජංගම වෙලදුන්ට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවලට අනුකුලව වෙලදාම් කරන ලෙසට විටින් විට උපදෙස් ලබාදි ඇති බවත් එහෙත් සමහර වෙලදුන් එම උපදෙස් ගනන් නොගෙන ක්‍රියා කිරිම දැඩි කනගාටුවට කරුනක් බවත්ය.

මෙම උපදෙස් නිසි ලෙස පිලිපැදිමකත් නොකරන්නේ නම් ඉදිරියේදි මෙම ජංගම වෙලදාම් හා පදික වෙලදාම් නතර කිරිමට සිදු වන බවද ඔහු වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

More Stories