එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 52 වන සැසිවාරය මෙරට වේලාවෙන් අද පස්වරු 03 ට ආරම්භ වෙයි.
ඒ, ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදීයි.
අදින් ආරම්භ වන මෙම සැසිවාරය ලබන අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ජගත් මානව හිමිකම් කවුන්සිලය මෙලෙස රැස්වීමේ ප්‍රධාන අරමුණු වන්නේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, වර්ධනය කිරීම සහ ගරු කිරීමයි.