තමන් පාර්ලීමේන්තු මැතිවරණයෙන් පරාජය වුවද නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය වෙනුවෙන් මෙන්ම මෙහි ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ඉදිරියේදිද කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සදානන්දන් තිරුමුගනාදන් මහතා පවසයි.
හැටන්හි පිහිටි ඔහුගේ නිවසේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසු ඔහු එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

තමන් මෙම දිස්ත්‍රික්කයේ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් හා උසස් අධ්‍යාපනය හදාරන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කිරිමට මෙන්ම මෙම දිස්ත්‍රික්කයේ පවතින මන්දපෝෂනය තුරන් කිරිම සදහා වීශේෂ සැලසුම් රාශියක් ක්‍රියාත්මක කිරිමේ අරමුණ මතයි මැතිවරණයට ඉදිරිපත් වුනේ එත් එම සැලසුම් ක්‍රියාත්මක කිරිම සදහා මට නිසි ජනවරමක් ලැබුනේ නැහැ.

එසේ වුවත් මේ දිස්ත්‍රික්කයේ උපාධිධාරින් ලක්ෂයක් බිහිකිරිමේ සැලසුම මෙන්ම මෙම ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානිය ජලය ලබා දිමේ සැලසුම ඉදිරියටත් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නවා.මෙවර පාර්ලීමේන්තු මැතිවරණයට මම ඉදිරිපත්වුන දිනයේ සිට මැතිවරණය නිමවන තෙක්ම මට විශාල පිරිසක් මට සහයෝගය ලබා දිමට පියවර ගත්තා ඒ සියළුම දෙනාට මගේ ස්තුතිය මේ අවස්ථාවේදි පුද කරනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories