ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වන දාට යෙදී තිබේ.2022 වසරේ රට මුහුණ දුන් බරපතළ ආර්ථික අර්බුදයෙන් පසු පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය මෙය වේ.

මෙම ආර්ථික අර්බුදය ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකට තුඩු දුන් අතර අවසානයේ ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බවට ප්‍රකාශයට පත් කිරීමට ද හේතු විය.

⭕️ ජනාධිපතිවරණය සම්බන්ධ මාධ්‍ය උපමාන සාධාරණ අන්දමින් ක්‍රියාත්මක කරනු!
⭕️ ජනාධිපති අපේක්ෂකයන් නාමමාත්‍රික ප්‍රතිපත්ති ප්‍රකාශන වෙනුවට අර්බුදයට ප්‍රායෝගික විසඳුම් හා ඉදිරි වැඩපිළිවෙලවල් ප්‍රකාශයට පත් කරනු!
⭕️ ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය ගොඩනගමින් තිරසරභාවය නිර්මාණය කරනු!
⭕️ ජාතික ප්‍රශ්නයට විසඳුම් අමතක නොකරනු!

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙක් තරග වදිති. ශ්‍රී ලංකාවේ වෙසෙන මිලියන 22ක් වන ජනතාවගෙන් මිලියන 17කට ආසන්න සංඛ්‍යාවක් ජනපතිවරයෙකු තෝරා ගැනීමට ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබති.

විද්‍යුත් මාධ්‍ය ආයතන, අන්තර්ජාල වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වෙබ් අඩවි පරිපාලකයින් සඳහා වන මාධ්‍ය උපමාන මෙන්ම මුද්‍රිත මාධ්‍ය සඳහා ද වෙන් වෙන් වශයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය උපමාන ප්‍රකාශයට පත්කර තිබේන පසුබිමක මෙම ජනාධිපතිවරණයේදි රජයේ මාධ්‍ය හෝ පුද්ගලික මාධ්‍ය හෝ වේවා කිසියම් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරිමක් තවමත් සිදු කරනවා.

“ඔබ ඔබේ කාර්ය හරියට කරන්න, අපි අපේ කාර්ය හරියට කරන්නම්” අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගෙන් ඉල්ලයි.

අයිතිය උදෙසා මාධ්‍යයවේදියෝ වෙනුවෙන් සභාපතිතුමාත්  අජිත් පැරකුම් මහතාත් ජනූර් කිචිලාන් උප සභෘපති , දූලාන් දසනායක ලේකම් , නුවරඑළිය ප්‍රාදේශිය මාධ්‍යයවේදි සේකර මහතාත්  අදහස් දක්වන ලදි.

 

Similar Posts