ජනාධිපති ආරක්ෂක අංශය විසින් කුලී පදනම මත භාවිතා කරන කොළඹ 01, මුදලිගේ මාවතේ පිහිටි වාහන අංගනය තුළ ඊයේ (10) රාත්‍රි හටගත් ගින්නකින් අංගනයේ තිබු යතුරු පැදි 47ක් සහ ත්‍රිරෝද රථයක් විනාශ වී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
ජනාධිපති ආරක්ෂක අංශය කුලී පදනම මත මුදලිගේ මාවත පිහිටි මැගී ප්ලාසා ගොඩනැගිල්ලේ බිම් මහලේ මෙම වාහන අංගනය පවතියි. මෙහි බොහෝ විට නවතා තියෙන්නේ ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරින්ගේ පුද්ගලික වාහන බවද පොලිසිය පවසයි.
ඒම වාහන අංගනයේ ඊයේ(10) රාත්‍රී 10.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර කොළඹ ගිනි නිවීමේ ඒකකය ගින්න මැඩපවත්වා ඇති අතර ඒ සඳහා ගිනි නිවිමේ රථ 05ක් යොදාගෙන තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ සම්බන්ධයෙන් කොටුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
-ශානි පොල්ගම්පල-