නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් ලබන 11 වන දින සිට සාමාන්‍ය කටයුතු සදහා ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව පවසයි.

රජය මේ වන විට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ මූලික පියවරක් ලෙස රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මැයි මස 11 වන දින සිට විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

පෙරවරු 10.00 ට පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළ යුතු අතර සේවයට කැදවන සේවක සංඛ්‍යාව ආදිය තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරී ඇති අතර අදාල කටයුතු නිසි නීතිමය රාමුවක් යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

More Stories