මහජන මුදල් ආරක්ෂා කිරිමටත්, දුෂණයට එරෙහිව නිර්භයව පහරදීමටත්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටත්, සුවිසල් කාර්ය භාරයක් ඉටුකළ හැකි ජනමාධ්‍ය දෙපැත්තම කැපෙන තියුණ අවියක් වන බව කථානායක කරු ජයසුරිය මහතා පැවසීය. ජාතියක ඉදිරි ගමන සඳහා මෙන්ම සදාචාර පවුරු ආරක්ෂා කිරිම සඳහාද පෙනී සිටය යුතු මාධ්‍යට කිසියම් විනයක් හා සදාචාර සීමාවන් මෙන්ම වගකීමක්ද තිබිම අත්‍යාවශ්‍ය බවද කථානායකක කරු ජයසුරිය මහතා පැවසීය.

කථානායකවරයා මේ බව සඳහන් කළේ ශ්‍රි ලංකා පත්‍ර කලා සංගමයේ  64 වන සංවත්සර උළෙල අමතමින් පසුගිය 2019.10 22 අඟහරුවාදා ශ්‍රි ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් එක් වෙමිනි.

‍ශ්‍රි ලංකාවේ මාධ්‍ය ප්‍රවීණයන් මෙන්ම දකුණු ආසියානු රටවල   ජේෂ්ඨ මාධ්‍යවේදීහු පිරිසක්ද එක් වු මෙම සංවත්සර උළෙලේදී පුවත්පත් කලාව වෙනුවෙන් අනභිභවනීය දායකත්වයක් ලබා දුන් ජේෂ්ඨ මාධ්‍යවේදීහු  සම්මානයට පාත්‍ර වූහ.

උත්සවය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායකවරයා

“මම මෙම උත්සවයට සහභාගී වන්නේ ඉතාමත්ම ඕනෑකමින්.

මට මේ සඳහා ආරාධනා ලැබෙන්නෙත්, සහභාගී වන්නේත්, පළවැනි වතාවට

ඔබ සංගමයට රටේ පිළිගැනීමක් තිබෙනවා

ගෞරවයක් තිබෙනවා.

රටේ ප්‍රවීණ එමෙන්ම මාධ්‍යයේ දැවැන්තයින් මෙම සංගමයට නායකත්වය දුන්නා.

මාධ්‍ය කලාවේ ගෞරවය රැකගැනීමට ඔබ සංගමය විශාල යුග මෙහෙවරක් කර තිබෙනවා

මෙහි ආරම්භක ගෞරවනීය “උඩකන්දවල සිරි සරණංකර නාහිමිපාණන්ගේ” සිට වර්තමානයේ නායකත්වය දරණ “කාරියකරවන මැතිතුමා” දක්වා මෙම සංගමය වර්ධනය කළ සභාපතිවරුන් හා නිලධාරීන්ට මාගේ ගෞරවය හා ප්‍රණාමය පුද කරනවා.

මීට දශක දෙක  තුනකට කලින්  ලෝකයේ  කතිකාවක් තිබුණා  මාධ්‍ය  තමයි හතර වන ආණ්ඩුව කියලා.

විධායක,ව්‍යවස්ථාදායක,අධිකරණ බල කුළුණු තුනට  අමතරව  රටක් පාලනය කරන  සිවුවන  කුළුණ මාධ්‍ය  බවයි.

ඒ  මතයෙන් ප්‍රකාශ වුණේ.

නමුත්,  වර්ථමානය වන විට ජන මාධ්‍යයේ  ප්‍රභලත්වයත් ව්‍යාප්තියත්  එක්ක අනෙකුත්  අංශ තුනටම   ඒ මගින් කරන සෘජුව හා වක්‍රාකාර බලපෑම  බලනකොට  මාධ්‍ය  හතර  වන ආණ්ඩුව නොවෙයි,

දැන්  පළමු  ආණ්ඩුව බවට පත්වෙලා  තියෙනවා  කියලා කියන්න පුළුවන්.

සමහර අවස්ථාවල එය මැනවින් පේනවා.

අද ජනමාධ්‍ය බලයට පුළුවන් ශාන්තුවරයෙක්  පෝරිසාදයෙක්  බවට පත්  කරන්නත්.පෝරිසාදයෙක්  ශාන්තුවරයෙක්  බවට පත්  කරන්නත්.

සියල්ල විකිණෙන වෙළඳ පොළ විසින් නිර්වින්දය කරන ලද සමාජයක වෙළඳපොල අවශ්‍යතාවය පරිදි සමාජය නිර්වින්දය කරනවායි කියලා මාධ්‍යයට  චෝදනා  එල්ල  වෙනවා.

මේ ප්‍රවාහයෙන්  බේරිලා, වෙළඳපොල විසින් හසුරුවන්නේ නැති,දේශපාලන අවශ්‍යතා අනුව  හැසිරෙන්නේ  නැති

මාධ්‍යවේදියෙක්  විදියට  ශක්තිමත්  කශේරුකාවක්  සහිතව  කටයුතු  කරන්න  උත්සහ දරන  යම්  පිරිසක්  ඉන්නවා.

හැබැයි, ඔවුන්ට තව  කොච්චර කාලයක් ඒ  දුෂ්කර  මාර්ගයේ  යන්න  පුළුවන් ද  කියලා  හිතන්න  අමාරුයි.

මීට දශක  කිහිපයකට  පෙර  සුප්‍රකට  සංනිවේදන විද්‍යාඥ මාෂල් මැක්ලුහන්  අනාවැකි පලකල  විශ්ව ගම්මානය  දැන්  අපේ  දෑස්  ඉදිරිපිට  බිහිවී  අවසානයි.

කිසිවෙකුට කිසිවක් සැඟවිය  නොහැකියි.තොරතුරු දැන ගැනීමේ  අයිතිය  පාලනය කළ  හැකියැයි යම් කිසිවෙක් කල්පනා කරනවා නම් එය  ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි  වගේම බොළඳ  උත්සහයක්  වෙන්නත්  පුළුවන්.ඒ නිසයි අපි තොරුතුරු දැන ගැනීමේ අයිතිය  වෙනුවෙන් අකණ්ඩව පෙනීසිටියේ

මේ අයිතිය පාවිච්චි  කරලා නිවැරදි දේ අගය  කරන්නත් වැරදි  දේට  වැරදි  දේ  හෙළිදරවු  කරලා නිර්භයව එයට පහර දෙන්නත් හෘදය සා‍ක්ෂියක් මාධ්‍යවේදියෙකුට තියෙන්න ඕනෑ

එවැනි  අය  මහ ධනකුවේරයන්  නොවෙන්න  හැකි  නමුත්  ඔවුන්ගේ භාවිතාව කුමක් දැ’යි දන්නා සමාජය  ඔවුන්ට නිසි  ගෞරවයක් ලබාදෙනු ඇතැ’යි කථනායකවරයා පැවසීය.

More Stories