ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ලිපි ලේඛන කටයුතු සහ අභ්‍යන්තර මෙහෙයුම් කටයුතු මෙහෙයවීම සඳහා ඩිජිටල් මෙහෙයුම් පද්ධතියක් හඳුන්වා දීමට හා ජාතික මට්ටමෙන් එය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජයිකා ආයතනය සහ Cyclomx interntional (pvt) ltd ආයතනය එක්ව පියවර ගෙන ඇත.

EDMS – (Electronic Document Management System) ලෙස හඳුන්වනු ලබන මේ මෙහෙයුම් පද්ධතිය මඟින් ප්‍රධාන කාර්යාලය සමඟ රට පුරා පිහිටා ඇති ඒකක 800කට අධික මෙහෙයුම් මධ්‍යස්ථාන ජාලගත වන අතර, මෙතෙක් මුද්‍රිත මාධ්‍යයෙන් සිදු කෙරුණු අභ්‍යන්තර කටයුතු සියල්ල ඩිජිටල් මාධ්‍යයෙන්ම කඩදාසි රහිතව ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. මේ සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය JICA සහ Cyclomax International (Pvt) Ltd ආයතනයන් 2023 ඔක්තෝබරයේ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකට එළඹුණු අතර ව්‍යාපෘතියේ විශේෂත්වය වූයේ මාස හයක් තුළ පද්ධතිය නිර්මාණය කර රට පුරා විහිද ඇති ජලාපවහන මණ්ඩලයේ මධ්‍යස්ථානවල සේවයකයන් 2,000කට අධික ප්‍රමාණයකට නිසි පුහුණුවක් දී පද්ධතිය ක්‍රියාත්මක තත්ත්වයට ගෙන ඒමට හැකි වීමයි.

මෙසේ අභ්‍යන්තර මෙහෙයුම් ඩිජිටල්කරණ වැඩසටහනේ සමාරම්භය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ලක්දිය මැදුර ජල සම්පාදන අමාත්‍යාංශයේදි ඉකුත්දා (09) සිදු විය.

මේ විශේෂ අවස්ථාවට ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ඒ.සි.එම්. නෆීල්, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, JICA ආයතනයේ ප්‍රධාන නියෝජිත යාමදා ටෙස්ට්දුයා, Cyclomax International (Pvt) Ltd ආයතනයේ නියෝජිතයන් හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඉංජිනේරු ටි. බාරදීදාසන් මහත්වරුන් ඇතුළු නිලධාරීන් හා විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍යවේදීහු රැසක්ද සහභාගි වූහ.

Similar Posts