water

ජලය සැපයෙන ජලාශවල ජලය අඩුවිමත් සමග හැටන් ප්‍රදේශයට ජලය බේදා හැරිම සිමා කිරිමට ජල මණ්ඩලයේ හැටන් කාර්යාලය මගින් පියවර ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ජල මණ්ඩලයේ හැටන් කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ හැටන් නගරයට ජලය ලබා ගන්නා සිංගිමලේ හා ඉන්වරි ජලාශවල ජල මට්ටම් මේ වන විට දැඩි ලෙස පහල බසිමින් පවතින බවත්ය.
එම තත්වයන් මත හැටන් ප්‍රදේශයට ජලය බේදා හැරිම මේ වන විට ප්‍රදේශ වශයෙන් වෙන් කර දිවා රාත්‍රි කාලවලදි ජලය බේදා දිම සිදු කරන බවත්ය.
මෙම තත්වයන් මත ජල පාරිභෝගිකන්ට සිදුවන විවිධ අපහසුතාවයන් පිලිබදව කනගාටුව පල කරන බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts