ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇල, කටුනායක, සීදූව, කැලණිය, බියගම, මහර, කඳාන සහ මිනුවන්ගොඩ වන ප්‍රදේශවලට මේ මස 24 වැනිදා පෙරවරු 8.30 සිට රාත්‍රී 8.30 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.