water

ගෘහස්ථ ජල පාරි­භෝ­ගි­ක­යන්ගේ ජල ගාස්තු සිය­යට 07කින් පහළ දැමී­මට ආණ්ඩුව පිය­වර ගෙන ඇත.

ඒ සම­ඟම රජයේ රෝහ­ල්වල ජල ගාස්තු සිය­යට 4.5කින් හා පන්සල් සහ ආග­මික ස්ථාන­වල ජල ගාස්තු සිය­යට 6.3 කින්ද පහළ දැමීම සඳහා වන සංශෝ­ධ­න­යට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

ජල ගාස්තු පහළ දැමීම සඳහා සංශෝ­ධ­න­යට අදාළ මෙම ගැසට් පත්‍රය ජල­ස­ම්පා­දන සහ වතු යටි­තල පහ­සු­කම් සංව­ර්ධන ඇමැති ජීවන් තොණ්ඩ­මාන් මහතා නිකුත් කර තිබෙන අතර, අගෝස්තු මස 21 වැනි දා සිට මෙම නව ජල ගාස්තු සංශෝ­ධ­නය ක්‍රියා­ත්මක වන බව ජල­ස­ම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලය සඳ­හන් කරයි.

සමෘ­ද්ධි­ලා­භීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය, රජයේ පාසල්, රජයේ උප­කෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනු­මත පුණ්‍යා­ය­තන සහ රජයේ රෝහල් කාණ්ඩය යන අංශ මෙම නව ජල ගාස්තු සංශෝ­ධ­න­යට අයත් වේ.

ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 – 05 දක්වා ගාස්තුව ඒක­ක­යක් රුපි­යල් 60 – 50 දක්වා රුපි­යල් 10කින් අඩු කර ඇති අතර, ඒකක 76 – 100ත් අතර ඒක­ක­යක් සඳහා අය කරන ගාස්තුව රුපි­යල් 270 සිට 250 දක්වා රුපි­යල් 20කින් පහත දමා ඇත.

රජයේ සහ රජයේ උප­කෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනු­මත පුණ්‍යා­ය­තන සහ රජයේ රෝහල් කාණ්ඩය යටතේ සියලු ඒක­ක­යක් සඳහා අය කළ රුපි­යල් 60ක ගාස්තුව රුපි­යල් 5කින් පහත දමා ඇති අතර, එහි නව ගාස්තුව රුපි­යල් 55කි. එමෙන්ම ඒක­ක­යක් රුපි­යල් 100ක්ව පැවති රජයේ රෝහල් සඳහා භාවිත වන ජල ඒක­ක­යක් රුපි­යල් 95ක් දක්වා රුපි­යල් 05කින් අඩු කිරී­මද නව සංශෝ­ධන යටතේ සිදු කර කර තිබේ.

එසේ වුවද මෙම ජල ගාස්තු සංශෝ­ධ­නය යටතේ මාසික සේවා ගාස්තුවේ සංශෝ­ධ­න­යක් සිදු නොවන බව ජල­ස­ම්පා­දන හා ජලා­ප­ව­හන මණ්ඩ­ලය සඳ­හන් කර ඇත. සම­ස්ත­යක් ලෙස සිය­යට 5.94කින් ජල ගාස්තු අඩු කිරී­මට කැබි­නට් අනු­මැ­ති­යද හිමි වී තිබුණි.

Similar Posts