mawssa

ප්‍රධාන ජලාශවල ජල මට්ටම 66% දක්වා ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා පැවසුවේ, ඒ යටතේ යල කන්නය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කර ඇති බවය.

මේ අතර මවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට (08) දින පස්වරුවේ සිට තද වැසි ලැබෙමින් පවති.

මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය වන මස්කෙලිය , ශ්‍රි පාද නල්ලතන්නිය , අප්කට් , සාමිමලේ යන ප්‍රදේශවලට මෙම වර්ෂාව ඇද හැලෙයි.

මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම මේ වන විට එම ජලාශයේ වේල්ලේ අඩි 120 සිට අඩි 48 දක්වා පහල බැස ඇති බව  ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.

මේ අතර කාසල්රි ජල පෝෂක ප්‍රදේශ වන හැටන් , නොර්වුඩ් , බගවන්තලාව යන ප්‍රදේශවලට 08 දින පස්වරුවේ සිට අධික වර්ෂාව ලැබෙමින් පවති.

More Stories