jvp

ජනතාවට ජීවන වියදම දරාගත නොහැකි මට්ටමක් රට තුල උද්ගතව ඇති හෙයින් ඊට එරෙහිව සඳුදා සිට පාරට බහින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල් කාන්ත පවසයි.

පීඩිත ජනතාව නියෝජනය කිරීම සිය අරමුණ බවත් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය එය වගකීමක් කොට ගන්නා බවත් ඔහු සඳහන් කරයි.

පොහොර, ගෑස් ඇතුළු විශේෂිත ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ඒ ඒ වෘත්තිය සමිති ඒකාබද්ධ කරගනිමින් මෙම ඒකාබද්ධ උද්ඝෝෂණය පැවැත්වීමට ජනතා විමුක්ති පෙරමුණ දැනට සැළසුම් කර ඇති බව තොරතුරු ලැබී තිබේ

ඒ අනුව රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත්‍ර සියල්ල නියෝජනය කරමින් සඳුදා සිට මහ පාරට බසින බව ඔහු පැවසීය

More Stories