වාර්ගික ආගමික ආතතිය පිලිබදව සකච්ඡා කිරිමේදි පවතින ජාතික ආගමික සංහිදියාව අන්තර්කරණය පිලිබදව දැඩි අවදානයක් යොමු කිරිමටත් ඒ පිලිබදව පර්යෙශන මට්ටමින් සකච්ඡා කිරිමටත් පියවර ගත යුතු බව ශ්රිලංකා ජාතික සාම මණ්ඩලයේ වැඩ සටහන් සම්බන්ධිකාරක අයේෂා ජයවර්ධණ මහත්මිය පවසයි.
නුවරඑළිය දිස්ත්රික්කයේ ජාතික ආගමික සංහිදියාව ඇති කිරිමේ අරමුණ මත ශ්රිලංකා ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද වැඩ සටහනක් නුවරඑළිය උත්සව ශාලාවකදි 02වන දින පැවති අවස්ථාවේ මේ පිළිබදව අදහස් දැක්වු අයේෂා ජයවර්ධණ මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
හොද නරක කියන දෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුලුවන් එය ඔවුන්ගේ ආකල්ප මත සිදුවන දෙයක් එසේ වුවත් ජාතින් අතර ආගම් අතර නිර්මාණ විය හැකි ගැටුම්කාරි තත්වයන් පිලිබදව දැඩි අවදානයක් යොමු කිරිමේදි එම ගැටුම්කාරි තත්වයන්ට බලපා ඇත්තේ ඉතාමත් සුලු සිද්ධියක් විය හැකියි.
මෙම දිස්ත්රික්කයේ සියලුම ආගමික නායකයන්, සිවිල් සංවිධාන නියෝජිතයන් සමාජ ක්රියාකාරින් ඇතුළු විවිධ සංවිධාන නියෝජිතයන් මෙසේ එකට එක්ව කටයුතු කිරිමේදි මෙහි ජාතින් අතර ආගම් අතර සාමය සංහිධියාව ඇති කිරිමට හැකි වනවා ශ්රිලංකා ජාතික සාම මණ්ඩලයේ ප්රධාන අරමුණ වන්නෙත් මේ රට තුල සියලුම ජාතින් අතර සාමය සංහිදියාව ඇති කිරිමයි එම කරුනු මුල් කරගෙනයි මෙවැනි දිස්ත්රික් අන්තර් ආගමික කමිටු ලංකාවේ දිස්ත්රික්ක 16ක පමණ ක්රියාත්මක කිරිමට පියවර ගෙන තිබේ.
ශ්රි ලංකා ජාතික සාම මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්රික් අන්තර් ආගමික කමුටු සම්බන්ධිකාර ඉරේෂා උදේනි කුලසුරිය මහත්මිය විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබු අතර මෙම අවස්ථාවට ආගමික පුජකවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයන්, රාජ්ය නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටින ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්