ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජනබලවේගයේ නව පාර්ලීමේන්තුවට උණුසුම් සුභ පැතුම් එක් කරන බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
ඒ මහතාගේ හැටන්හි පිහිටි කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මෙවර පැවති පාර්ලීමේන්තු මැතිවරණයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට තුනෙන් දෙකකට අධික විශීෂ්ඨ ජයක් ලැබි තිබෙනවා එම මැතිවරණයෙන් ජය ලැබු සියළුම දෙනාට සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ සුභ පැතුම් ප්‍රථමයෙන් පුද කරනවා.
මෙවර පැවති මැතිවරණයේදි වතුකරයේ විශාල පිරිසක්ද ජාතික ජන බලවේගයට ඡන්දය ලබා දිමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙවර මැතිවරණයේදි වතු කම්කරුවන්ද ජාතික ජන බලවේගය කෙරෙහි දැඩි විස්වාසයක් තබා ඇති බවයි පෙනි යන්නේ.
මේ වන විට පවතින ආර්ථික අර්බුද හමුවේ මේ වතු කම්කරුවන් දැඩි දුෂ්කරතාවයන් මතයි ජිවත් වෙන්නේ එම නිසා වතු කම්කරුවන් විශ්වාස කරන්න ඇති ජාතික ජන බලවේගය රජයක් යටතේ ඔවුන්ගේ වැටුප් වැඩිමක් කරයි කියලා වෘත්තිය සමිතියක් වශයෙන් අපිත් විස්වාස කරනවා මේ නව රජය විසින් වතු කම්කරු වැටුප් පිළිබදව සාධාරණව සොයා බලයි කියලා.
එමෙන්ම මේ වන විට දිනෙන් දින ඉහළ යමින් පවතින බඩු මිල යම් අකාරයකින් පාලනය කර ජනතාවට යම් සහනයක් ලබා දිමටද මෙම නව රජය පියවර ගනු ඇතැයි අපි බලාපොරෝත්තු වෙයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories