පෑලියගොඩ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ ස්ථීර පදනම යටතේ සේවයේ නිරත සේවකයන් එකසිය හැත්තෑ එක්දෙනෙකුට සහ අනියම් සේවකයන් තිස්දෙනෙකුටද මැයිමාසයේ වැටුප මෙතෙක් නොගෙවීම නිසා සේවකයන් විශාල ආර්ථික අපහසුතාවයකට පත්වී ඇතැයි යන්ත්‍රෝපකරණ ආයතනයේ අභ්‍යන්තර තොරතුරු වලින් වාර්තාවේ.
තමන් පත්වී ඇති ආර්ථික අපහසුතා පිලිබදව මාධ්‍යට කරුණු හෙළිකරන සේවකයන් පවසන්නේ දරුවන්ගේ පාසල් ගමන උපකාරක පංති වැටුප ඇපයට තබා මූල්‍ය ආයතන වලින් ලබාගත් ණයමුදල් මෙන්ම මාසිකව ගෙවීමේ පොරොන්දුව මත එදිනෙදා ආහාරපාන ලබාගත් ගමේ කඩහිමියා පවා නිවසට පැමිණ දෝෂාරෝපණය කරන තරමේ පහත් තත්වයට අද වන විට සේවකයන් පත්වී ඇති බවයි.
යංත්රෝපකරණ ආයතනය කලින් තිබුණේ පෑලියගොඩ.ඊට පස්සෙ ඒක කොළොන්නාවට ගෙනිච්චා.දැන් අපිට බස්ගාස්තු ඩබල් ගෙවන්න වෙලා තියෙනවා පෙරට වඩා.සේවකයන්ට රැකියාවට එන්න බස්ගාස්තු හොයාගන්න බැරි මට්ටමට වැටුණට පරිපාලනයට ඒක ගැටළුවක් නෙවි.ඔවුන් අපේ පැමිණීම සහ පිටවීම නිරීක්ෂණය කරන්න කණ්ඩායමක් පත්කරලා. අප්‍රේල් මාසෙ වැටුප දුන්නෙ දෙපාරකට.ඒ වැටුප ගත්ත ලෝන් එකට කැපුනාම ඉවරයි.අපි ඉල්ලන්නෙ මේ ආයතනය සතු වටිනා දේපල ලංකාව පුරා විසිරුණු වැඩබිම් වල තියෙනවා. මේ දේපල සහ භාවිතයට ගත නොහැකිව අබලන්වූ බරවාහන විකුණා මේ සේවකයන් පත්වී ඇති ආර්ථික හා මානසික අවුලෙන් නිදහස් කරන්න කියලයි.
මේ ආයතනය ආරම්භ කලේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයා. එතුමාගේ පාලන කාලයේ උදාගම් සංකල්පය යටතේ තමයි මේ බරවාහන ගෙන්නුවේ.දිවයින පුරා ශාඛා පිහිටුවලා ඉදිකිරීම් ක්ෂේත්රයේ විශාල කාර්යභාරයක් එදා මෙදාතුර ජාතික යන්ත්‍රෝපකරණ ආයතයේ සේවකයන් විසින් ඉටුකර තියෙනවා.
නමුත් ඒ සා මහත් විශාලසේවයක් කරපු සේවකයො අද තුන්වේල කෑම හොයාගන්න නැතුව තමන්ගෙ දරුපවුල් එක්ක අනාථ වෙලා ඉන්නෙ.
අපි ඉල්ලන්නෙ මේ ආයතනය ඈවර කරලා සේවකයන්ගේ හිගවැටුප් වගේම 2019 අගභාගයේ ඉදලා නොගෙවපු සේවක අර්ථසාධක අරමුදල් පාරිතෝෂික දීමනා ගෙවලා අපිව නිදහස් කරන්න කියලා යැයි සේවකයන් පැවසීය.
මෙම ගැටළුව සම්බන්ධයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගෙන් විමසූ අතර ඇමතිවරයා මෙසේ පැවසීය.
මා මේ තනතුර භාරගෙන තවම මාස කීපයයි ගෙවුනේ.
මේ ආයතනයේ වැටුප් ගෙවා ගැනීමට බැරි තත්වයක් තියෙනවා ඒක ඇත්ත.මීට සතිකීපයකට කලින් ජනාධිපති තුමා යටතේ පවතින මුදල් අමාත්‍යාංශය යටතට පවරා ගත්තා.නමුත් සේවකයෝ හිතුවේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විතරයි මුදල් අමාත්‍යාංශය යටතට පවරා ගත්තේ කියලා.මේ ආයතනයෙන් උපයන
ආදායම මදි සේවකයන්ට වැටුප් ගෙවන්න.මේ වෙනකොට සේවකයෝ උදේ වැඩට එනවා කරන්න වැඩ නෑ.නිකන් ඉදලා ගෙදර යනවා.මේක පරිපාලනය කරන අයට සේවකයන්ගේ දුක තේරෙන්නේ නැති එක ප්‍රධාන ගැටළුවක්. නිසිකළමණාකරනයක් නැති කමෙන් තමයි මේ වගේ ආයතන කඩා වැටෙන්නේ.සේවකයා ගේ ගැටළුව පාලකයා තමන්ගේ ගැටළුවක් වශයෙන් හිතුවොත් මෙවැනි ගැටළු ඇතිවන්නේ නැහැ.අපි මේ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ ගැටළුව විසදීමේ අරමුණින් තමයි එය මුදල් අමාත්‍යාංශය යටතට පැවරුවේ යැයි ඇමතිවරයා පැහැදිලි කලේය.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති නීතීඥ්ඥ රත්නසිරි කළුපහන මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසූ අතර එතුමා මෙසේ පැවසීය.
පහුගිය කොවිඩ්19 කාලයෙන් පස්සෙ රටේ ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටුනා.මේ ආයතනයේ තියෙන බර වාහන ඉදිකිරීම් ක්ෂේත්රයේ කාර්යයන් සදහා යොදවලා එයින් ලැබෙන මුදලින් තමයි සේවක වැටුප් ගෙව්වේ.ඒ වගේම මේ යන්ත්‍රෝපකරණ වසර විසිපහක් තිහක් පරණයි. මේ යංත්රෝපකරණ දැන් ඉතාම අබලන් තත්වයක තියෙන්නේ .මේවා නඩත්තු කරන්න බැහැ.වැඩ ගන්නත් බැහැ.අපි මේවා අබලි ද්‍රව්‍ය වශයෙන් අලෙවි කරලා ඒ ලබා ගත්ත මුදලිනුත් සේවකයන්ට වැටුප් ගෙව්වා.
ප්‍රාදේශීය සභා නගර සභා වගේම පෞද්ගලික ආයතන වලටත් කුලී පදනම මත මේවා ලබාදීලා මුදල් හෙව්වා. මේ ආයතනයට පත්වුනු සමහර බලධාරීන් මේකෙන් උපයපු ධනය නිසි ලෙස කළමණාකරනය කරලා නැහැ.ඕනෑම ආයතනයක කඩාවැටීමකදි ප්‍රයෝජනයට ගන්න තැන්පත් ධනයක් බැංකු ගිණුමක තියෙනවා අභ්‍යන්තර සුරක්ෂිත තාවය සදහා එය ප්‍රයෝජනයට ගන්නවා.ඒ කියන්නෙ මේ දැන් තියෙන ප්‍රශ්ණේ වගේ සේවක වැටුප් ගෙවනවා වගේ දේකට මේකේ එහෙම ඉතුරු කරපු දෙයකුත් නැහැ.අප්‍රේල් මාසේ වැටුප කොටස් දෙකකට ගෙවන්න උනේ.මැයි මාසේ වැටුප තවම ගෙවන්න බැරිඋනා.සේවකයන්ගේ ආර්ථික අපහසුතා අපට නොදැනෙනවා නෙවි.අපි හැකි ඉක්මණින් ආයතනය සතු දේපලක් නීත්‍යානුකූලව අලෙවි කර සේවක වැටුප් ගෙවා දමා ආයතනය ඈවර කරන්න වඩකරනවා. මේක එක්වතාවකදී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යටතට පවරා ගත්තා.
පසුගිය සතියේ අතිවිශේෂ ගැසට් පත්‍රයකින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතන එකොළහක් මුදල් අමාත්‍යාංශය යටතට පවරා ගත්තා.
ඉංජිනේරු සංස්ථාවටත් වැටුප් ගෙවන්න ක්‍රමයක් නැහැ.අපි විවිධ අමාත්‍යාංශ වල කරපු ඉදිකිරීම් වලට ලැබෙන මුදලින් තමයි අපිත් වැටුප් ගෙවාගෙන යන්නේ.
ජාතික යංත්රෝපකරණ ආයතනයේ සේවකයන් 173 දෙනෙකුට වැටුප් ගෙවීම ගැටළුව පසුගිය අප්‍රේල් මාසෙත් බරපතල ගැටළුවක් උනා. අපි අද විෂය භාර ඇමති ප්‍රසන්න රණතුංග මහතාට සහ රාජ්‍ය අමාත්‍ය තේනුක විදාන ගමගේ මහතා හමුවී මේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කර සහය ඉල්ලුවා. ජනාධිපති තුමාගේ මැදිහත්වීමෙන් මෙයට තිරසාර විසදුමක් බලාපොරොත්තු වෙනවා.
අපි අවසානයේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයාවද මුණගැසී කරුණු පැහැදිලි කරා.එතුමා ඝෘජුවම මෙයට මැදිහත්වී අපිට උදව් කරා.
අද දවසේ අපි තවත් වැදගත් දෙයක් පැහැදිලි ව දැන ගැනීමට ලැබුනා.නාගරික සංවර්ධන අධිකාරියේ ලේඛම් වරයා කිව්වා ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයත් දැන් මුදල් අමාත්‍යාංශය යටතේ පාලනය වන බව.
නමුත් ගැසට් නිවේදනයේ ඒ වගක් සදහන්වී නැහැ.
කෙසේ නමුත් අපි මේආයතනය සතු වාණිජමය වටිනා කමින් යුත් දේපලක් විකුණා සේවකයන්ගේ වැටුප් ඇතුළු ගැටළුව අපි විසදනවා මේ සියල්ල අපි කරන්නෙ විනිවිද භාවයෙන් යුතුවයි.කිසිම විකිණීමක් අපි එක භාෂාවකින් විතරක් පුවත්පත්වල ඵල කරේ නැහැ.භාෂා තුනෙන්ම පල කරලයි අබලි ද්‍රව්‍ය විකුණුවේ. කමිටු පත්කරන්නේ අමාත්‍යාංශ ලේකම් වරයාගේ මැදිහත්වීමෙන් යැයිද සභාපති වරයා පැවසීය.
කෙසේ නමුත් යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවකයන් පැවසුවේ දැන් අපිට ගමට මූණ දෙන්න බෑ.අපි පොළවට එළිය වැටෙන්න කලින් ගෙදරින් ඇවිත් කරුවල වැටුනම ගෙදර යනවා ඒ ඇර වෙනත් විකල්පයක් අපිට නැත යනුවෙනි.
කැලණිය – කුසුම් එස්.හැන්නදි