econimc

මෙම වසරේ ජූලි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මඟින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව නිෂ්පාදන ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින්, නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ජූලි මාසයේදී දර්ශකාංක 59.9ක් වාර්තා කර ඇති බව සඳහන්.

මෙම වර්ධනය සඳහා සියලුම උප දර්ශකයන්ගේ ඉහළ යාම දායක වී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. නව ඇණවුම් උප දර්ශකය ඉහළ යාම සඳහා රෙදිපිළි හා ඇඟලුම් අංශය ප්‍රධාන වශයෙන් දායක වී ඇති බව සඳහන්.

තවද, මූලික වශයෙන් ආහාර හා පාන වර්ග සහ රෙදිපිළි හා ඇඟලුම් නිෂ්පාදන අංශයන්හි ඉහළ ක්‍රියාකාරිත්වය නිසා මෙම මාසය තුළදී නිෂ්පාදන උප දර්ශකය ඉහළ ගිය බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබේ.

Similar Posts